තුන්කොන් තරගාවලියේ අවසන් සටනට ශ්‍රී ලංකා සහ ඉන්දියාව

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානයේ A කණ්ඩායම්වල සහභාගීත්වයෙන් මෙරට දී ආරම්භ වූ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) සමත් වුණා.

ඒ අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති තරගයේ දී ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 103කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිතා පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 322ක් රැස්කර ගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ අවිශ්ක ප්‍රනාන්දු පෙර තරගයේ දී මෙන්ම මෙම තරගයේ දී ද ශතකයක් රැස්කරමින් ලකුණු 110ක් ලබා ගත්තා.

අනතුරුව පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 42යි පන්දු 05කට පමණක් මුහුණ දෙමින් සියල්ලන් දැවී ගොස් රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 219ක් පමණයි.

ඒ අනුව පෙර අනිද්දා (21) පැවැත්වෙන අවසන් එක්දින තරගයේ දී ඉන්දීය A කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා A කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25