තීරුබදු නිසා මිනිස්සු පිස්සු වැටිලා – චීනයට සහන නැති කළ අමෙරිකාව

පසුගිය සතියේ දී අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බොහෝ රටවලට පනවන ලද තීරුබදු ලැයිස්තුව වහාම ක්‍රියාත්මක වන පරිදි මාස තුනකට අත් හිටුවීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 25කට ට්‍රම්ප්ගේ පරිපාලනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා මෙලෙස ඉහළ තීරුබදු පැනවූ බවයි.

කෙසේනමුත් ට්‍රම්ප් එම තීරණය දින 90ක (මාස 03) කාලයක් සඳහා නවතා දමා ඇත්තේ අප්‍රේල් මස 05 වැනි දින සිට ක්‍රියාත්මක වෙමින් තිබූ වටපිටාවකයි.

නමුත් එම රටවල් 25න් චීනය හැර අනික් සෙසු රටවල් 24ට ම ට්‍රම්ප්ගේ සහනය හිමිවන බව ද වාර්තා වනවා.

චීනයට නව තීරුබදුකරණය හරහා පළමු ව සියයට 34ක් පැනවූ අතර පසුව ට්‍රම්ප්ගේ පරිපාලනයට එරෙහිව චීනයෙන් අමෙරිකාවට එරෙහිව සියයට 84ක තීරු බද්දක් පැනවූවා.

ඊට ප්‍රතිචාර ලබා දෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දිනයේ දී චීනයට එරෙහි තීරු බද්ද 125%ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි චීන ආනයන සඳහා අමෙරිකාව 104%ක තීරු බද්දක් පනවා තිබුණා.

එය තවදුරටත් ඉහළ නංවමිනුයි ට්‍රම්ප් මෙම සංශෝධනය චීනයට එරෙහිව සිදු කර ඇත්තේ.

කෙසේවෙතත් ට්‍රම්ප් චීනය හැර සෙසු රටවලට තීරුබදු පැනවීම නවතා දැමීමෙන් පසුව ගෝලීය කොටස් වෙළෙඳපොළ ශීඝ්‍රයෙන් නැංවීමක් සිදු ව තිබෙන බව රොයිටර්ස් වාර්තා කරනවා.

ට්‍රම්ප්ගෙන් එරට මාධ්‍යවේදීන් විසින් මෙම නව තීරුබදු සංශෝධනය ගැන විමසා සිටි අවස්ථාවේ දී පවසා ඇත්තේ;

“මම හිතුවේ මිනිස්සු ටිකක් සීමාවෙන් පිට පනිනවා කියලා, ඔවුන් ටිකක් පිස්සු වැටිලා ඉන්නේ, ඔයා දන්නවනේ,” (I thought that people were jumping a little bit out of line, they were getting yippy, you know,) යනුවෙන් වාර්තාකරුවෙකුට සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
7
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27