තීරණාත්මක ශ්‍රී ලංකාව නවසීලන්තය සටන අද

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය තරග වදින තීරණාත්මක තරගය අද (29 ) ඔස්‌ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

සුපිරි 12 වටය යටතේ පළමු තරගයේ ඔස්‌ට්‍රේලියාව දරුණු පරාජයකට ලක්කර නවසීලන්තය එහි පෙරමුණට පැමිණි අතර ඇෆ්ගනිස්තානයට එරෙහිව පසුගිය 26 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඔවුන්ගේ දෙවන තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා.

ශ්‍රී ලංකාව පළමු තරගයේ දී අයර්ලන්තයට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් අතර ඔස්‌ට්‍රේලියාව හමුවේ දෙවැනි තරගයේ දී කඩුලු 7ක පරාජයකට උරුමකම් කීය.

ඒ අනුව අද තරගයෙන් ජය ගැනීම තරගාවලියේ ඉදිරියට යෑම සඳහා කණ්ඩායම් දෙකටම වැදගත් වනු ඇති.

ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ බලඇණිය ආබාධ තත්ත්වයන් හේතුවෙන් අඩපණ වී ඇති අතර ලහිරු කුමාරගේ පන්දු යැවීම ප්‍රශංසනීය මට්ටමක පවතින දඟ පන්දු යවන්නන් ලෙස පෙරමුණ ගෙන සිටින වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණ ඔස්‌ට්‍රේලියාව හමුවේ දැඩි ප්‍රහාරයකට ලක් වීම සම්බන්ධයෙන් අද තරගයේ දී අවධානය යොමු කළ යුතු වේ.

නවසීලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණියද ඉහළ මට්ටමක පවතින අතර වේග පන්දු යවන්නන් වන ටේ‍රන්ට් බෝල්ට් සහ ටිම් සවුති ගේ දක්ෂතා ඔස්‌ට්‍රේලියාවට එරෙහිව තරගයේ ප්‍රශංසනීය මට්ටමක පැවති අතර දඟ පන්දු යවන මිචෙල් සැන්ට්නර් ගේ පන්දු යැවීම හමුවේද කල්පනාකාරීව පිතිහරඹයේ නිරත වීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ වගබලාගත යුතු වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මේකා ගො# කියලා අමතක වුණා..මේකා ගො# තමයි"ලාල් කාන්තට ගොවීන් හොඳ පදෙන්ම දෙසයි
07:43
Video thumbnail
දුම්රියේ මිල ගාස්තු සශෝධනයක් කරන්න එපා..බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනේ මෙයාලට
05:26
Video thumbnail
කංචන ගසා කාපු රු.50 ඉස්සෙල්ලම තෙල් මිලෙන් අඩු කරන්න..දයාසිරිගෙන් සැර කතාවක්
07:50
Video thumbnail
දැන් අමෙරිකන් ජෙප්පො ටිකක් ඉන්නේ..ටැක්ස් එක අඩු කරලා ඉන්ධන දෙනවා කිව්වා..දැන් කරපන්කෝ ඉතින්
04:21
Video thumbnail
ගියපාර ඉරානයට ෂොට් එක දෙද්දි "ඔබාමාට එන්න කියාපිය" කියලා තමයි අනුරලා පිකෙටින් කළේ..දැන් කට කොයි
05:29
Video thumbnail
ඉරාන නැව ගැන මුජිබුර්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..ජනපති මධ්‍යස්ත නෑ - ඉන්නේ යුද්දෙ එක්ක
09:04
Video thumbnail
සීගිරියේ ලොකුම හෝටලය කාලයක් තිස්සේ කරපු කැත වැඩ ඔක්කොම මාට්ටු..වනජීවී අපරාධ රාශියක් කරලා
06:02
Video thumbnail
කළු ගඟ ඉවුර ගොඩ කරලා කෙසෙල් ගස් හදලා..මේ විනාශය බලධාරින්ට පේන්නේ නැද්ද ?මේකද ආණ්ඩුවේ වෙනස ?
03:11
Video thumbnail
මහ ගින්නක් ගමකට කරපු ලොකු විනාශය..උඩින් පත්තුවෙනවා..එන්න එන්න කට්ටිය
01:15
Video thumbnail
SLFP එක ලොකු සෙට් එකක් මැයි රැළියට ගෙන්නන්න හදන්නේ ? 10000කට වැඩි ගාණක් ගෙන්නනවා
03:07