තීරණාත්මක එක්දින තරගයේ දී ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශයට ලකුණු 286ක ඉලක්කයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට ශ්‍රී ලංකාව ඔවුන්ගේ මව්බිමේ දී පරාජයට පත් කරමින් එක්දින තරගාවලි ජයක් ලැබීමට අද (08) පැවැත්වෙන තුන්වැනි හා අවසන් එක්දින තරගයේ දී ලකුණු 286ක ඉලක්කයක් හිමිවුණා.

අද තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමිකර දෙමින්.

ඒ අනුව පළමු ව පිතිකරණය තෝරාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 285ක් ලබා ගත්තා.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 35ක් ලබාගත් අතර නිශාන් මධුෂ්ක එක් ලකුණකට දැවී ගියා.

කමිඳු මෙන්ඩිස් ලකුණු 16යි.

ශ්‍රී ලංකාවේ විශ්වාසය තැබිය හැකි පිතිකරුවන් තිදෙනෙකු එලෙස අඩු ලකුණකට දැවී යද්දී කුසල් මෙන්ඩිස් සිය නායකයා වූ චරිත් අසලංක සමග එක් වී සිව්වැනි කඩුල්ලට ලකුණු 124ක සබඳතාවක් ගොඩනැගුවා.

එම සබඳතාව බිඳ වැටුණේ සිය 16 වැනි එක්දින අර්ධ ශතකය ලබා සිටි චරිත් අසලංක ටස්කින් අහමඩ්ගේ පන්දුවක් හමුවේ ලකුණු 58කට දැවී යාමත් සමගයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ලකුණු පුවරුව වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නිරත වූ කුසල් මෙන්ඩිස් සිය එක්දින දිවියේ 06 වැනි ශතකය වාර්තා කළ අතර ඔහු ශම්මිම් හුසේන්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට පන්දු 114කට හතරේ පහර 18ක් සමගින් ලකුණු 124ක් ලබාගෙන සිටියා.

වනිඳු හසරංග නොදැවී ලකුණු 18ක් සහ දුෂ්මන්ත චමීර නොදැවී ලකුණු 10ක් ලබා ගැනීම ද ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කිරීමට මහෝපකාරී වුණා.

කඩුලු බිඳ දැමීමේ දී මෙහිඩි හසන් හා ටස්කින් අහමඩ් කඩුලු දෙක බැගින් බිඳ දැමුවා.

එක් කඩුල්ල බැගින් හිමිවූයේ ටන්සිම් හසන්, ටන්වීර් ඉස්ලාම් හා ශමීම් හුසේන් හටයි.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දී දෙරට ම තරග 1-1ක් බැගින් ජයගෙන සම මට්ටමේ පසුවනවා.

එබැවින් තරගාවලි ශූරතාවක් වෙනුවෙන් අද තරගයේ ජය දෙපිළටම තීරණාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34