අභවප්‍රාප්ත හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණගේ අවසන් කටයුතු අද (16) සිදුකිරීමට නියමිතයි.
බොරැල්ල පොදු සුසාන භූමියේ දී අද පස්වරුවේ මෙම අවසන් කටයුතු සිදු කිරීමටයි සැලසුම්කර ඇත්තේ.
අභවප්‍රාප්ත හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (15) රාත්‍රියේ පැමිණියා.
මෙම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ මෙරට තුළ වාමාංශික දේශපාලන ව්‍යාපාරය ගොඩනැගීමේ දී සහ වාමාංශික මතවාදය මෙරට තුළ තහවුරු කිරීමේ දීත් ය මහාචාර්ය තිස්ස විතාරණ විශාල කාර්ය භාරයක් ඉටුකළ බවයි.
සමානාත්මතාවය, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිරි රාජ්‍යක් සැමවිටම ප්‍රාර්ථනා කළ මහාචාර්ය තිස්ස විතාරණ ඒ වෙනුවෙන් ඔහු සිය ජීවිත කාලය තුළ විශාල වෙහෙසක් දැරූ පුද්ගලයෙක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
කලක් රෝගාතුරව සිට මහාචාර්ය තිස්ස විතාරණ කෝට්ටේ, නාවල පාරේ පිහිටි සිය නිවසේ දී පසුගිය 13 වනදා අභාවප්‍රාප්ත වනවිට 92 වන වියේ පසුවුණා.



