තිරිඟු පිටි අපනයනයට ඉන්දියාව වැට බඳියි

ඊයේ (15) සිට තිරිඟු පිටි අපනයනය තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.

දේශීය තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් ඉන්දියාව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ණයවර ලිපි විවෘත කර ඇති සහ ආහාර සුරක්ෂිත අවශ්‍යතාව සඳහා ඉල්ලුම් කර ඇති රටවල් සඳහා පමණක් තිරිඟු පිටි අපනයනයට අවසර ලබා දී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ඉන්දියාවේ තිරිඟු අස්වැන්න ද පහළ ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය මෙලෙස තිරිඟු අස්වැන්න පහළ යාමට හේතු වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙම තහනම තාවකාලික තහනමක් පමණක් බවයි ආහාර සම්බන්ධයෙන් කටයුතු කරන එරට බලධාරීන් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46