තියුණු ආයුධවලින් පහර දී සීදූවේ පුද්ගල ඝාතනයක්

සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේ දී ඊයේ (12) රාත්‍රියේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

පිරිසක් විසින් තියුණු ආයුධවලින් සිදුකරන ලද පහරදීමකින් පුද්ගලයෙක් ඝාතනයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පහරකෑමෙන් බරපතළ තත්ත්වයේ සිටි එම පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 40ක ඊරියගහළිඳ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වුණේ.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?