මවගේ සිරුරෙහි යකා එලවීමට පුතු, දුව හා ලේලිය එක්ව කළ ආනන්තරීය පාපය

තම බිරිඳට දරුවන් නොලැබීමට හේතුව සිය මවගේ ශරීරයේ සිටින යක්ෂයෙකු බව කට්ටයෙකු පැවසීමෙන් පසු එම පුත්‍රයා විසින් 55 හැවිරිදි වියෙහි පසූ මව අමානුෂික අන්දමින් ඝාතනය කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අදාළ මරණකාරියගේ මුඛයට රෙදි කැබලි ඔබා, අත් පා ද ගැටගසා ගිනි තබා ඝාතනය කර ඇති බවයි.

මෙම සිදුවීම ඊයේ (11) සිදු ව ඇත්තේ දඹගල්ල – දැලිව ගම්මානයේ දියි.

මව ඝාතනය කිරීමට පුත්‍රයාගේ බිරිඳ හා නැගණිය ද හවුල් වී තිබෙනවා.

මේ වනවිට සැකකරුවන් දඹගල්ල පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හත් දරු මවක් වන කේ.එම් පුංචි මැණිකා නමැති කාන්තාවක්.

මාර්තු 10 වැනි දා රාත්‍රියේ දී මවගේ ශරීරයේ සිටින යක්ෂයා එලවා දැමීමට යාගයක් කර ඇති බවත්, එහිදී ඝාතකයින් අතරින් එක් අයෙක් ආරූඪ වී මරණකාරියව ඝාතනය කිරීම සිදු කර ඇත්තේ ඇයගේ ගෙල මිරිකා, උදැල්ලකින් හා මිටියකින් පියයුරුවලට පහර දී පියයුරු මතට රෙදි කැබලි දමා ගිනි තබා, දැවී ගිය සිරුර ජලයෙන් සෝදා නිවස නිරුවත් ව තබා රෙදි කැබැල්ලකින් වසා තිබියදී පොලිසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත් අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගත් මියගිය කාන්තාවගේ පුතා, දියණිය සහ ලේලිය මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
9
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34