තියුණු ආයුධයකින් පහර දී තිදරු මව ඝාතනය කරලා – දරුවන් දෙදෙනෙක් සමඟ මාස 08ක සිට වෙනම ජීවත් වෙලා

රාජාංගනය පොලිස් වසමේ අංගමුව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඊයේ (01) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 49ක යාය 08, අංගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව සැමියා සමඟ ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් සිය වැඩිමහල් පුත්‍රයා හා දියණිය සමඟ මාස 08ක පමණ කාලයක සිට ඇයගේ මවගේ නිවසේ ජීවත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.

සැමියා සිය බාල පුත්‍රයා ද සමඟ වෙනම ජීවත්ව තිබෙනවා.

සැමියා විසින් ඊයේ (01) දින වැඩිමහල් පුත්‍රයාව, විවාහ මංගල උත්සවයකට සහභාගී වීමට රැගෙන ගොස් ඇති අතර, ඊයේ රාත්‍රීයේ අදාළ කාන්තාවට ඇයගේ මවගේ නිවස ඉදිරිපිට දී කිසියම් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි දැනට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය යාය 05 රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රාජාංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34