තැපැල් ඡන්ද සලකුණු කිරීමට නම්කළ මැතිවරණ ස්ථාන ප්‍රකාශයට පත් කෙරේ (නිවේදනය)

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා නම් කරන ලද ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එළැඹෙන සැප්තැම්බර් මස 04 වැනිදා සිට තෙදිනක් (04,05 හා 06) තැපැල් ඡන්ද සලකුණු කිරීම් සිදු කෙරෙනු ඇති.

එදින තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන පිරිස් හට සැප්තැම්බර් මස 11 හා 12 යන දෙදින ඡන්දය භාවිත කළ හැකි වනවා.

සැප්තැම්බර් 04 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවල දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව දී තිබෙනවා.

එමෙන්ම සැප්තැම්බර් 04 සහ 06 යන දෙදින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල දී නිල ඇඳුම් කාර්යය මණ්ඩල සහ එම කාර්යාලවලට අනුයුක්තව සේවය කරන සිවිල් කාර්යය මණ්ඩලයට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතින බවත් වාර්තා වනවා.

සැප්තැම්බර් මස 05 සහ 06 යන දෙදින ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල ද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව ලැබෙනු ඇති.

මේ අතර අදාළ දිනවල දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බවද මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටිනවා.

ඡන්දය සලකුණු කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්යය වන අතර ඒ සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකි බවයි කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.

කෙසේවෙතත් රාජකාරී හැඳුනුම්පත භාවිත කරමින් යම් අයෙකු තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා පැමිණෙන්නේ නම්, එම ඡන්ද හිමියාගේ අනන්‍යතාව පරික්ෂා කිරීම සදහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කාර්යය අධීක්ෂණයට තේරීම්භාර නිලධාරී විසින් පත් කර ඇති නිලධාරියා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටිනවා.

එසේ නොවන අවස්ථාවක දී රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කරන ඡන්ද හිමියන්ට ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා නොදිය යුතු බවට සහතික කිරීමේ නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව දන්වා තිබෙනවා.

මේ අතර මැතිවරණය රාජකාරී සඳහා පොලිස් නිලධාරින් 54,000කට ආසන්න පිරිසක් යෙදවීමට කටයුතු කරන බව මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29