තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබා දුන් අතිරේක කාලය අදින් අවසන්

එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ ව තැපැල් ඡන්ද සලකුණු කිරීමට ලබා දී තිබූ අමතර කාලය අදින් (08) අවසන් වනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ; තමන් සේවය කරන රාජකාරි ස්ථාන අවට පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල වෙත ගොස් සිය තැපැල් ඡන්දය සලකුණු කිරීම සිදු කළ හැකි බවයි.

ඒ අනුව ආරක්ෂක අංශයේ නියුතු පිරිස් සහ මැතිවරණ රාජකාරි කටයුතුවල යෙදෙන රාජ්‍ය නිලධාරින් හට මෙම අවස්ථාව අද දිනයේදිත් හිමිවනු ඇති.

ඔක්තෝබර් 30, නොවැම්බර් 01 සහ 04 යන තෙදින මැතිවරණ කොමිෂන් සභාවෙන් තැපැල් ඡන්ද සලකුණු කිරීමට ප්‍රධාන දින ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එම දින තුනේදිම ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට ආරක්ෂක අංශ නිලධාරින්ට අද දිනයේ දී මෙම අවසන් අවස්ථාව තැපැල් ඡන්ද සලකුණු කිරීම වෙනුවෙන් ලැබෙනු ඇති.

මේ අතර එළඹෙන සඳුදා (11) මධ්‍යම රාත්‍රී 12 සිට නිහඬ කාලය උදා වනවා.

ඒ අනුව එදින මැදියම් රැයෙන් පසු කිසිදු මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34