තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබා දුන් අතිරේක කාලය අදින් අවසන්

එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ ව තැපැල් ඡන්ද සලකුණු කිරීමට ලබා දී තිබූ අමතර කාලය අදින් (08) අවසන් වනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ; තමන් සේවය කරන රාජකාරි ස්ථාන අවට පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල වෙත ගොස් සිය තැපැල් ඡන්දය සලකුණු කිරීම සිදු කළ හැකි බවයි.

ඒ අනුව ආරක්ෂක අංශයේ නියුතු පිරිස් සහ මැතිවරණ රාජකාරි කටයුතුවල යෙදෙන රාජ්‍ය නිලධාරින් හට මෙම අවස්ථාව අද දිනයේදිත් හිමිවනු ඇති.

ඔක්තෝබර් 30, නොවැම්බර් 01 සහ 04 යන තෙදින මැතිවරණ කොමිෂන් සභාවෙන් තැපැල් ඡන්ද සලකුණු කිරීමට ප්‍රධාන දින ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එම දින තුනේදිම ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට ආරක්ෂක අංශ නිලධාරින්ට අද දිනයේ දී මෙම අවසන් අවස්ථාව තැපැල් ඡන්ද සලකුණු කිරීම වෙනුවෙන් ලැබෙනු ඇති.

මේ අතර එළඹෙන සඳුදා (11) මධ්‍යම රාත්‍රී 12 සිට නිහඬ කාලය උදා වනවා.

ඒ අනුව එදින මැදියම් රැයෙන් පසු කිසිදු මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?