තැන වෙනස් වුනොත් පාකිස්ථානය ආසියානු කුසලානය වර්ජනයේ

ආසියානු කුසලානය පැවැත්වෙන ස්ථානයේ වෙනසක් සිදුවූව හොත් 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් තම රට ඉවත්වන බව පාකිස්ථානය අනතුරු අඟවනවා.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී රමිස් රාජා සඳහන් කළේ ස්ථානය වෙනස් වුවහොත් 2023 ආසියානු කුසලානයෙන් ඉවත් වන බවයි.

2023 වර්ෂයේ දී ආසියානු කුසලාන තරගාවලිය පාකිස්ථානයේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ඉන්දු – පාකිස්ථාන පසමිතුරුකම් හේතුවෙන් එය වෙනත් රටකට ගෙන යෑමට සැලසුමක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වාර්ෂික මහා සභා රැස්වීමෙන් පසු එහි ලේකම් ජේ ෂා පැවසුවේ, 2023 ආසියානු කුසලානය මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වෙනු ඇති බවයි.

2023 ආසියානු කුසලානය සඳහා ඉන්දියාවේ පාකිස්තාන සංචාරය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය මත සම්පූර්ණයෙන්ම රඳා පවතින බවයි ඉන්දියාවේ මධ්‍යම ක්‍රීඩා අමාත්‍ය අනුරාග් තාකූර් පැවසුවේ.

2023 සැප්තැම්බර් 01 වනදා එක්දින තරගාවලියක් ලෙස ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53