තායිවාන ප්‍රදේශ අවිකරණය කිරීම භයානක තත්ත්වයක් – චීනයෙන් අමෙරිකාවට දොස්

අමෙරිකාව 2025 මූල්‍ය වර්ෂය සඳහා වන ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනතට පසුගියදා අත්සන් කරනු ලැබුවේ, එරට හමුදා අයවැය අමෙරිකානු ඩොලර් බිලියන 895ක අගයක් දක්වා ඉහළ නංවමින් පිහිට වූ ඓතිහාසික වාර්තාවක් ද සමගින්.

එලෙස හමුදා අයවැය විශාල වශයෙන් ඉහළ නැංවීම සඳහා තාර්කික බවක් නිර්මාණය කිරීම වෙනුවෙන්, අදාළ පනත හරහා “චීන තර්ජනය” අතිශයෝක්තියට නංවා ඇති බවත්, ඒ හරහා චීනයේ තායිවාන ප්‍රදේශයට මිලිටරි සහාය දීම ද සඳහන් කර ඇති බවටත් චීනය චෝදනා කරනවා.

තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ගෙවුණු මාසය තුළ, ඇමරිකාව විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බව පෙන්වා දෙන චීනය පවසන්නේ, අවස්ථා කිහිපයකදී ඇමරිකාව තායිවාන ප්‍රදේශයට පිළිවෙළින් ඇමරිකානු ඩොලර් මිලියන 385ක අවි විකිණීම අනුමත කිරීම, ඩොලර් මිලියන 571.3 ක් වටිනා මිලිටරි ආධාර ලබාදීම ප්‍රකාශ කිරීම සහ ඩොලර් මිලියන 295ක ආයුධ විකිණීම අනුමත කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇති බවයි.

ඇමරිකාවේ අවි වෙළඳාම වේගවත් කිරීම සඳහා වන පීඩනයට එරට රජය උපරිමයෙන් ප්‍රතිචාර දැක්වීම ඊට හේතුවක් බව බොහෝ විශේෂඥයින් පෙන්වා දී ඇතැයි ද චීනය පෙන්වා දෙනවා.

එමෙන්ම චීන-ඇමරිකා සබඳතාව හැසිරවීමේ දී මීළඟ රජයට යම් අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කිරීම ද තවත් හේතුවක් ලෙස පෙන්නුම් කෙරෙන්නක් බව චීනයේ අදහසයි.

කෙසේ වෙතත්, අමෙරිකාවේ මෙවැනි ක්‍රියාමාර්ග තායිවාන වැසියන් අධික පීඩනයකට ලක් කරමින් ඔවුන් වඩාත් භයානක තත්ත්වයකට තල්ලු කරයි ද යන්න සම්බන්ධයෙන් ඇමරිකා රජය කිසිසේත්ම නොසලකන්නක් බව චීනය පෙන්වා දෙනවා.

හේතුව කුමක් වුවත්, ඇමරිකාවේ මෑත කාලීන ක්‍රියාවන්, එකම චීනය මූලධර්මය සහ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයන් බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවට ද චීනය චෝදනා කරනවා.

ඇමරිකාව පවසා ඇති පරිදි, තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය අවංකව බලාපොරොත්තු වන්නේ නම්, ඇමරිකාව තායිවාන ප්‍රශ්නය ඉතා ප්‍රවේශමෙන් හැසිරවිය යුතු අතර, චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුන හා චීනයට කළ දේශපාලන පොරොන්දුව අනුගමනය කරමින් තායිවාන බෙදුම්වාදයට ස්ථීර ලෙස විරුද්ධ විය යුතු බවටයි චීනය අවධාරණය කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?