තායිවානය සමඟ සබ්මැරීන් යුද්ධයකට සූදානම් වෙන චීනය

ලෝක ප්‍රකට The Times සහ Reuters පුවත් සේවාවන්ට අනුව, චීනය තායිවානය, ගුවාම් දූපත් සහ ඉන්දීය සාගරයේ උපායමාර්ගික මුහුදු කලාප ඉලක්ක කරගනිමින් මහා පරිමාණයේ මුහුදු පතුල සිතියම්ගත කිරීමේ සහ නිරීක්ෂණ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ආරක්ෂක විශේෂඥයන් පවසන්නේ මෙය අනාගතයේදී ඇමෙරිකාව සහ එහි මිත්‍ර රටවල් සමඟ ඇතිවිය හැකි සබ්මැරීන් යුද්ධයකදී චීන නාවික හමුදාවට දැවැන්ත වාසියක් ලබාගැනීම වෙනුවෙන් සිදුකරන්නක් බවයි.

චීන රජය පවසන්නේ මෙම පර්යේෂණ නෞකා මඟින් දේශගුණික විපර්යාස සහ සාගර පතුලේ මඩ ස්ථර පිළිබඳ පර්යේෂණ සිදුකරන බවයි. නමුත් ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ චීනය සිවිල් විද්‍යාත්මක පර්යේෂණ සහ මිලිටරි තාක්ෂණය එකට මුසු කිරීමේ (Civil-Military Fusion) ප්‍රතිපත්තියක් මත වැඩ කරන බවයි.

‘Ocean University of China’ මඟින් ක්‍රියාත්මක වන මෙම නවීන පර්යේෂණ නෞකාව මෑත වසරවල තායිවානය සහ ඇමෙරිකානු බලකොටුවක් වන ගුවාම් දූපත් ආශ්‍රිත මුහුදේ සීමිත ඉඩක් තුළ නැවත නැවතත් ගමන් කරමින් රහසිගතව මුහුදු පතුලේ හැඩය සිතියම්ගත කර තිබෙනවා.

දශක ගණනාවක් තිස්සේ සාගර කලාපයේ සබ්මැරීන් මෙහෙයුම් සම්බන්ධයෙන් ඇමෙරිකානු නාවික හමුදාව සතු වූ අසමසම රහසිගත වාසිය බිඳ දැමීමට චීනයේ මෙම “පාරදෘශ්‍ය සාගර” ව්‍යාපෘතිය සමත්වනු ඇතැයි ඇමෙරිකානු නාවික බුද්ධි අංශ අනතුරු අඟවනවා.

සාගරයේ ජල උෂ්ණත්වය, ලවණතාව සහ මුහුදු පතුලේ ඇති කඳු/දෙණි වැනි භූගෝලීය ලක්ෂණ සබ්මැරීනවලින් නිකුත් වන සෝනාර් ශබ්ද තරංග ගමන් කරන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි. මෙම දත්ත නිවැරදිව හඳුනාගැනීම මඟින් චීන සබ්මැරීනවලට සතුරන්ගෙන් සැඟවී ගමන් කිරීමටත්, ඇමෙරිකානු සබ්මැරීන පහසුවෙන් හඳුනාගෙන ප්‍රහාර එල්ල කිරීමටත් හැකියාව ලැබෙනවා.

මීට අමතරව, තායිවානය සතු එකම සන්නිවේදන මාර්ගය වන මුහුද යටින් දිවෙන අන්තර්ජාල කේබල් පද්ධති පිහිටි ස්ථාන හඳුනාගෙන, යුදමය තත්ත්වයකදී තායිවානය ලෝකයෙන්ම හුදකලා කිරීමට චීනය මෙම දත්ත භාවිත කරනු ඇතැයි ද ආරක්ෂක අංශ සැක පළ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02
Video thumbnail
නේපාලයට ආ ගංවතුර ලංකාවට බලපායිද ? මෙන්න හෙළිදරව්වක් - ලංකාවෙත් මේක වෙන්න පුළුවන්
03:07
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:58
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48