තායිවානය සමඟ සබ්මැරීන් යුද්ධයකට සූදානම් වෙන චීනය

ලෝක ප්‍රකට The Times සහ Reuters පුවත් සේවාවන්ට අනුව, චීනය තායිවානය, ගුවාම් දූපත් සහ ඉන්දීය සාගරයේ උපායමාර්ගික මුහුදු කලාප ඉලක්ක කරගනිමින් මහා පරිමාණයේ මුහුදු පතුල සිතියම්ගත කිරීමේ සහ නිරීක්ෂණ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ආරක්ෂක විශේෂඥයන් පවසන්නේ මෙය අනාගතයේදී ඇමෙරිකාව සහ එහි මිත්‍ර රටවල් සමඟ ඇතිවිය හැකි සබ්මැරීන් යුද්ධයකදී චීන නාවික හමුදාවට දැවැන්ත වාසියක් ලබාගැනීම වෙනුවෙන් සිදුකරන්නක් බවයි.

චීන රජය පවසන්නේ මෙම පර්යේෂණ නෞකා මඟින් දේශගුණික විපර්යාස සහ සාගර පතුලේ මඩ ස්ථර පිළිබඳ පර්යේෂණ සිදුකරන බවයි. නමුත් ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ චීනය සිවිල් විද්‍යාත්මක පර්යේෂණ සහ මිලිටරි තාක්ෂණය එකට මුසු කිරීමේ (Civil-Military Fusion) ප්‍රතිපත්තියක් මත වැඩ කරන බවයි.

‘Ocean University of China’ මඟින් ක්‍රියාත්මක වන මෙම නවීන පර්යේෂණ නෞකාව මෑත වසරවල තායිවානය සහ ඇමෙරිකානු බලකොටුවක් වන ගුවාම් දූපත් ආශ්‍රිත මුහුදේ සීමිත ඉඩක් තුළ නැවත නැවතත් ගමන් කරමින් රහසිගතව මුහුදු පතුලේ හැඩය සිතියම්ගත කර තිබෙනවා.

දශක ගණනාවක් තිස්සේ සාගර කලාපයේ සබ්මැරීන් මෙහෙයුම් සම්බන්ධයෙන් ඇමෙරිකානු නාවික හමුදාව සතු වූ අසමසම රහසිගත වාසිය බිඳ දැමීමට චීනයේ මෙම “පාරදෘශ්‍ය සාගර” ව්‍යාපෘතිය සමත්වනු ඇතැයි ඇමෙරිකානු නාවික බුද්ධි අංශ අනතුරු අඟවනවා.

සාගරයේ ජල උෂ්ණත්වය, ලවණතාව සහ මුහුදු පතුලේ ඇති කඳු/දෙණි වැනි භූගෝලීය ලක්ෂණ සබ්මැරීනවලින් නිකුත් වන සෝනාර් ශබ්ද තරංග ගමන් කරන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි. මෙම දත්ත නිවැරදිව හඳුනාගැනීම මඟින් චීන සබ්මැරීනවලට සතුරන්ගෙන් සැඟවී ගමන් කිරීමටත්, ඇමෙරිකානු සබ්මැරීන පහසුවෙන් හඳුනාගෙන ප්‍රහාර එල්ල කිරීමටත් හැකියාව ලැබෙනවා.

මීට අමතරව, තායිවානය සතු එකම සන්නිවේදන මාර්ගය වන මුහුද යටින් දිවෙන අන්තර්ජාල කේබල් පද්ධති පිහිටි ස්ථාන හඳුනාගෙන, යුදමය තත්ත්වයකදී තායිවානය ලෝකයෙන්ම හුදකලා කිරීමට චීනය මෙම දත්ත භාවිත කරනු ඇතැයි ද ආරක්ෂක අංශ සැක පළ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19