තායිලන්ත රජුගෙන් ජනපති අනුරට සුබ පැතුම්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන් (Paitoon Mahapannaporn) අතර විශේෂ හමුවක් ඊයේ (09) පැවැත්වුණා.

ජනාධිපති ලේකම් කාර්‍යාලය නිවේදනය කළේ පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන්
තායි තානාපතිවරයා සහ තායිලන්ත රජයේ සුබපැතුම් පිරිනැමීමට හෙතෙම පැමිණ සිටි බවයි.

මහපන්නපොන් මහතා තායිලන්තයේ මහා වජිරලොන්කොන් රජු විසින් එවනු ලැබූ විශේෂ සුබ පැතුම් පණිවිඩය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුවා.

ශ්‍රී ලංකාවේ නව පාලනය පිළිබඳව ද මෙහිදී සිය ප්‍රසාදය පළ කළ ඔහු නව රජය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය සහ අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත් කරලීම සඳහා තායිලන්ත රජයේ සහාය ලබා දෙන බව ද ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර මෑතක දී අත්සන් තබන ලද නිදහස් වෙළඳ ගිවිසුමේ (FTA) ප්‍රතිලාභ පිළිබඳව ද මෙහිදී කරුණු සඳහන් කළ ඔහු එය අන්‍යෝන්‍ය වශයෙන් ආර්ථිකමය වාසි ගෙන දෙන බව ද අවධාරණය කළ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව තුළ තායිලන්ත ආයෝජන ඉහළ නැංවීම සඳහා, විශේෂයෙන් දේශීය පලතුරු සහ නිෂ්පාදන සැකසීම සහ අපනයනය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණා.

තායිලන්තයේ සංචාරක කර්මාන්තයේ සාර්ථකත්වයට ඉවහල් වූ විශේෂඥතාව පිළිබඳව ද මෙහි දී ජනාධිපතිවරයාව දැනුවත් කළ තායිලන්ත තානාපතිවරයා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයේ දී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ද කැමැත්ත පළ කළ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49

?