තානාපති නිලධාරීහු අභිරහස් රෝගයකට ගොදුරු වෙයි

ඔස්ටි‍්‍රයාවේ වියානා අගනුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන ඇමරිකානු තානාපති අංශයේ නිලධාරීන් 20 කට අධික සංඛ්‍යාවක් ‘‘හවැනා සින්ඩරොම්’’ යන රෝගයට සමාන වූ අභිරහස් රෝග තත්ත්වයකින් පෙළීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇමරිකානු රජය විසින් පරීක්ෂණයක් අරඹා තිබෙනවා.

ඉකුත් ජනවාරි මාසයේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇමරිකානු ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු මෙම රෝග තත්ත්වය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති අතර මෙය මොළය ආශ්‍රිත රෝගාබාධයක් බව ඇමරිකානු බලධාරීහු පවසනවා.

2016-1017 කාලසීමාවේ කියුබාවේ ඇමරිකානු තානාපති අංශ නිලධාරීන්ද මේ හා සමාන වූ අභිරහස් රෝග තත්ත්වයකට ලක් වූ බව ප්‍රථම වරට වාර්තා වී තිබෙනවා. ඇමරිකානු විද්‍යාඥයන්ට අනුව ‘‘හවැනා සින්ඩරොම්’’ රෝගාබාධය මයික්‍රෝවේව් විකිරණවලට ඍජුවම නිරාවරණය වීම නිසා ඇති වෙන බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?