තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පිරිසක් අද ජනපති හමුවෙති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) තානාපතිවරුන් දෙදෙනෙකු, මහ කොමසාරිස්වරුන් තිදෙනෙකු ඇතුළු රටවල් හයක නියෝජිතයින් සමඟ ඉහළ පෙළේ සාකච්ඡාවල නිරත වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ; ශ්‍රී ලංකාව සහ එම රටවල් අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ ගෝලීය හවුල්කාරිත්වයන් වැඩිදියුණු කිරීමේ වත්මන් රජයේ ප්‍රතිපත්තියට අනුව ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවලට එක්වන බවයි.

සෞදි අරාබිය, පකිස්ථානය, බංග්ලාදේශය, තුර්කිය, පලස්තීනය සහ එක්සත් ජනපදය යන රටවල තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් සහ නියෝජිතයින් විසින් විවිධ ක්ෂේත්‍රයන් තුළ ශ්‍රී ලංකාව සහ සිය රටවල් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පවත්වනු ඇති.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) , තුර්කි ජනරජයේ තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් (Semih Lütfü Turgut), පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M)), ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) සහ දැනට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා ද අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව මගින් සංවර්ධනය සහ සෞභාග්‍යය ළඟා කර ගැනීම කෙරෙහි වන කැපවීම මෙම සාකච්ඡාවලින් පිළිඹිබු කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34