AFC Banner
Empty Ad
Empty Ad

තාත්තේ මගේ අත හරි අමාරුයි… – මියගිය වෛද්‍ය දියණිය ගැන තාත්තා කියු සංවේදී කතාව

කොවිඞ් නියුමෝනියා රෝගී තත්වයේ සංකුලතා හේතුවෙන් බහුවිධ අවයව අකර්මණ්‍ය වීමෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි වෛද්‍යවරියක් මියගොස් ඇත.

පසුගිය 23 වනදා කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මේ බව අනාවරණය විය.

මියගොස් ඇත්තේ රත්නපුර රෝහලේ සේවය කරමින් සිටි යට්ටොවිට ටරින්දි දිල්ෂිකා විතානගේ (31) නමැති වෛද්‍යවරියකි.

ඇය ආසිරි පෙදෙස, රජමාවත, රත්මලාන ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙකී වෛද්‍යවරිය රෝහලේ සේවය කරමින් සිටියදී අගෝස්තු මස 23 වැනිදින ඇඟපත වේදනාව නිසා කොළඹ නගරයේ පිහිටි පුද්ගලික රෝහලකින් පීසීආර් පරීක්ෂණයක් සිදුකරගෙන ඇත.

එම පරීක්ෂණ ප‍්‍රතිපල අනුව මෙකී වෛද්‍යවරියට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

පසුව ඇය ගල්කිස්ස ප‍්‍රදේශයේ හෝටලයක පිහිටි කොවිඞ් වෛද්‍ය මධ්‍යස්ථානයක ප‍්‍රතිකාර ලබමින් සිට රෝගි තත්වය උත්සන්නවීම නිසා පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයක ප‍්‍රතිකාර ලබමින් සිට ඇත.

පසුගිය 02 වැනි දින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇති එක්මෝ යන්ත‍්‍රයේ ආධාරයෙන් ප‍්‍රතිකාර ලබාදීම සඳහා කරාපිටිය රෝහලට රැගෙනවිත් ඇත.

රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 22 වැනිදින පස්වරුවේ වෛද්‍යවරිය මියගොස් ඇත.

May be an image of 1 person and flower

මියගිය වෛද්‍යවරියගේ පියා වන වතු අධිකාරි යට්ටෝවිට විතානගේ නිරංජන් දිල්ෂාන් හේමපාල හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් මෙසේ කීවේය.

”මියගොස් සිටින්නේ මගේ එකම දියණියයි. ඇය රත්නපුර රෝහලේ වෛද්‍යවරියක් ලෙස සේවය කරමින් සිටියා. දියණියට දියවැඩියා රෝගි තත්වයක් තිබි ප‍්‍රතිකාර ගෙන සුවවුණා. අගෝස්තු 23 වැනිදා දුව මට දුරකථන ඇමතුමක් දීලා කීවා තාත්තේ මගේ අත හරි අමාරුයි ඇඟත් රිදෙනවා කියලා. මා දුවගෙන් ඇසුවා එක්ක යන්න එන්නද කියලා. මට එන්න එපා කීවා. දුව එන්නම් කීවා. 23 වැනිදින හවස දුව කොළඹ ඇවිත් පුද්ගලික රෝහලක වෛද්‍යවරයකුට පෙන්වුවා. එහිදී දුවට කොවිඞ් වෛරසය ආසාදනය වෙලා තිබුනා.

ඉන්පසු තලවතුගොඩ පිහිටි එම රෝහලේ දැඩිසත්කාර ඒකකයට දියණිය මාරු කළා. මෙම මස 01 වැනි දින හුස්ම ගැනීම පහසුකිරීම සඳහා දියණියගේ මුඛයට බටයක් දමා තිබුනා. 02වැනිදින දියණිය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කළා. දියණිය කරාපිටිය රෝහලේ ඇති එක්මෝ යන්ත‍්‍රයේ ආධාරයෙන් ප‍්‍රතිකාර ලබමින් සිටියා. දුව කථා කළේ නැහැ. කොළ කැබලිවල ලියා එහි සිටි හෙදි නිලධාරිනියන්ට ලබාදීලා දුව විස්තර අහලා තියෙනවා. කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරු දියණිය ගොඩදමාගන්න දැඩි කැපවිමක් කළා. ඒ කරපු ප‍්‍රතිකාර මා දැක්කා” යැයි ද ඔහු කිවේය.

මියගිය වෛද්‍යවරියගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ. සී. පී. පෙරේරා ඇතුළු වෛද්‍යවරු කණ්ඩායමක් විසින් සිදුකරණු ලැබීය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – හිනිදුම රවින්ද්‍රචන්ද්‍රලාල්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56
Video thumbnail
මාලිමාවේ ජන ගඟ දැක්ක හරිණි පුදුම වෙයි - "අද නුගේගොඩ හරිම ලස්සනයි"#anurakumaradissanayake #npp
07:56
Video thumbnail
මිනිහෙක්ටත් වඩා උස ගෑස් සිලින්ඩරේ ගාල්ලේ ජනපතිගේ රැළියෙන් හමුවෙයි
02:18
Video thumbnail
අන්තිම මොහොතේ හොඳම තුරුම්පුව ඇදපු මාලිමාව
11:27
Video thumbnail
අනුරට අද නුගේගොඩ සුපිරි ආරක්ෂාවක් #anurakumaradissanayake
05:00
Video thumbnail
එදා ගෝල්ෆේස් පිරෙව්වා වගේම අනුර අද නුගේගොඩ පුරවයි
04:17

?