තාත්තේ මගේ අත හරි අමාරුයි… – මියගිය වෛද්‍ය දියණිය ගැන තාත්තා කියු සංවේදී කතාව

කොවිඞ් නියුමෝනියා රෝගී තත්වයේ සංකුලතා හේතුවෙන් බහුවිධ අවයව අකර්මණ්‍ය වීමෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි වෛද්‍යවරියක් මියගොස් ඇත.

පසුගිය 23 වනදා කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මේ බව අනාවරණය විය.

මියගොස් ඇත්තේ රත්නපුර රෝහලේ සේවය කරමින් සිටි යට්ටොවිට ටරින්දි දිල්ෂිකා විතානගේ (31) නමැති වෛද්‍යවරියකි.

ඇය ආසිරි පෙදෙස, රජමාවත, රත්මලාන ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙකී වෛද්‍යවරිය රෝහලේ සේවය කරමින් සිටියදී අගෝස්තු මස 23 වැනිදින ඇඟපත වේදනාව නිසා කොළඹ නගරයේ පිහිටි පුද්ගලික රෝහලකින් පීසීආර් පරීක්ෂණයක් සිදුකරගෙන ඇත.

එම පරීක්ෂණ ප‍්‍රතිපල අනුව මෙකී වෛද්‍යවරියට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

පසුව ඇය ගල්කිස්ස ප‍්‍රදේශයේ හෝටලයක පිහිටි කොවිඞ් වෛද්‍ය මධ්‍යස්ථානයක ප‍්‍රතිකාර ලබමින් සිට රෝගි තත්වය උත්සන්නවීම නිසා පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයක ප‍්‍රතිකාර ලබමින් සිට ඇත.

පසුගිය 02 වැනි දින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇති එක්මෝ යන්ත‍්‍රයේ ආධාරයෙන් ප‍්‍රතිකාර ලබාදීම සඳහා කරාපිටිය රෝහලට රැගෙනවිත් ඇත.

රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 22 වැනිදින පස්වරුවේ වෛද්‍යවරිය මියගොස් ඇත.

May be an image of 1 person and flower

මියගිය වෛද්‍යවරියගේ පියා වන වතු අධිකාරි යට්ටෝවිට විතානගේ නිරංජන් දිල්ෂාන් හේමපාල හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් මෙසේ කීවේය.

”මියගොස් සිටින්නේ මගේ එකම දියණියයි. ඇය රත්නපුර රෝහලේ වෛද්‍යවරියක් ලෙස සේවය කරමින් සිටියා. දියණියට දියවැඩියා රෝගි තත්වයක් තිබි ප‍්‍රතිකාර ගෙන සුවවුණා. අගෝස්තු 23 වැනිදා දුව මට දුරකථන ඇමතුමක් දීලා කීවා තාත්තේ මගේ අත හරි අමාරුයි ඇඟත් රිදෙනවා කියලා. මා දුවගෙන් ඇසුවා එක්ක යන්න එන්නද කියලා. මට එන්න එපා කීවා. දුව එන්නම් කීවා. 23 වැනිදින හවස දුව කොළඹ ඇවිත් පුද්ගලික රෝහලක වෛද්‍යවරයකුට පෙන්වුවා. එහිදී දුවට කොවිඞ් වෛරසය ආසාදනය වෙලා තිබුනා.

ඉන්පසු තලවතුගොඩ පිහිටි එම රෝහලේ දැඩිසත්කාර ඒකකයට දියණිය මාරු කළා. මෙම මස 01 වැනි දින හුස්ම ගැනීම පහසුකිරීම සඳහා දියණියගේ මුඛයට බටයක් දමා තිබුනා. 02වැනිදින දියණිය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කළා. දියණිය කරාපිටිය රෝහලේ ඇති එක්මෝ යන්ත‍්‍රයේ ආධාරයෙන් ප‍්‍රතිකාර ලබමින් සිටියා. දුව කථා කළේ නැහැ. කොළ කැබලිවල ලියා එහි සිටි හෙදි නිලධාරිනියන්ට ලබාදීලා දුව විස්තර අහලා තියෙනවා. කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරු දියණිය ගොඩදමාගන්න දැඩි කැපවිමක් කළා. ඒ කරපු ප‍්‍රතිකාර මා දැක්කා” යැයි ද ඔහු කිවේය.

මියගිය වෛද්‍යවරියගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ. සී. පී. පෙරේරා ඇතුළු වෛද්‍යවරු කණ්ඩායමක් විසින් සිදුකරණු ලැබීය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – හිනිදුම රවින්ද්‍රචන්ද්‍රලාල්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38