ත්‍රී රෝද රථ රැකියාවේ නිරත රියැදුරන් සඳහා අමතර ජීවනෝපායක් හඳුන්වාදීමට රජය තිරණය කර තිබෙනවා.
ඒ සදහා රජය විසින් රුපියල් මිලියන පහක මුදලක් වෙන්කර ඇති බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
ත්‍රීරෝද රථ රැකියාවේ නියුතුව සිටින පන්සිය හැටකට ආසන්න පිරිසක් සඳහා මේ හරහා ප්‍රතිලාභ හිමිවන අතර මෙහි පළමු අදියර යටතේ නියමු ව්‍යාපාතියක් ලෙස හම්බන්තොට ඉලක්ක කරගනිමින් ත්‍රී රෝද රථ රියදුරන් හැත්තෑ දෙනෙකු තෝරාගැනීමට නියමිතව තිබෙනවා.
මෙමඟින් පුහුණු වැඩසටහන් පවත්වා රියදුරන්ගේ නිපුණතාවය වැඩිදියුණු කර අමතර ජීවනෝපාය හඳුන්වාදීමට කටයුතු යොදා තිබෙනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ ජල නල නඩත්තුව,විදුලි කාර්මික,වඩු කර්මාන්තය,කොණ්ඩා කැපීම සහ ගොඩනැගිලි පින්තාරුකරණය යන තෝරාගත් කර්මාන්ත ක්ෂේත්‍රයන් පිළිබඳ ත්‍රී රෝදරථ රියැදුරන් හට වෘත්තීමය පුහුණුවක් ලබාදී ඒ තුළින් අමතර ජීවනෝපායක් සිදුකිරීමට අවශ්‍ය උපකරණ සැපයීම මේ හරහා සිදුවන බවයි .




