ඉදිරි මාස 12 තුළ ද ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ඊයේ (25 ) සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.අගෝස්තු මාසයේ සිට 2023 වසරේ ජූලි මාසය පමණ දක්වා මෙරටට ඉන්ධන ආනයනය කිරීම විශාල ගැටලුවක් වනු ඇති බවයි වාර්තා වන්නේ.
දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි වීම නිසා කිව්.ආර්. පද්ධතිය හඳුන්වා දුන් බව මෙම පණිවිඩයේ ඔහු සඳහන් කළා.ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන ලබා ගැනීමේදී එම රථ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පොලිස් ස්ථාන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදීමට නියමිතව ඇත. එමෙන්ම ත්‍රිරෝද රථ සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට විශේෂිත පිරවුම්හල් වෙන් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.




