නීති විරෝධී අයුරින් තරගයට ත්‍රිරෝද රථ ධාවනය කිරීමේ දී සිදුවූ අනතුරකින් යතුරුපැදියකින් ගමන් කළ තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථ ධාවනය තරගය වීඩියෝ කරමින් ඉන් පසුපසින් ගමන් කළ යතුරුපැදිකරුවෙක්.
පසුගිය 06 වනදා අලුයම් කාලයේ නල්ලූරුව මංසන්ධියේ දී මෙම අනතුර සිදුව ඇති අතර, මංසන්ධියේ පිහිටි මාර්ග සංඥා කණුවක යතුරුපැදිය ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.
මෙම අනතුරින් බරපතළ තුවාල ලබා සිටි තරුණයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.
එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා ඊයේ (13) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ පානදුර , මෝදරවිල නිවාස සංකීර්ණයේ පදිංචි වයස 19 හැවිරිදි මිහිල් දේශාන්ජන නැමැති තරුණයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.













