ත්‍රිරෝද රථයක් තුළ දී 13 හැවිරිදි දැරියක් දූෂණය කරලා

වයස අවුරුදු 13ක බාලවයස්කාර පාසල් දැරියක් ත්‍රිරෝද රථයක් තුළ දී දූෂණය කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව වාරියපොළ පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පහමුනේ, වෙන්නංකරය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

වාරියපොළ – මල්වාන වැව අසල ත්‍රිරෝද රථයක් තුළ බාල වයසකාර දැරිවියක් සහ වැඩිහිටි පිරිමි පුද්ගලයෙකු රැදී සිටින බවට ඊයේ (19) වාරියපොළ පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.

එම තොරතුරට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ත්‍රිරෝද රථය තුළ සිටි දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීමේ දී දැරිය පොලීසියට පවසා ඇත්තේ ත්‍රිරෝද රථය තුළ තමන් සමඟ සිටි පුද්ගලයා තමාව දූෂණය කළ බවයි.

දැරිය සතුව තිබූ බෑගයක් තුළ තිබී පාසල් නිල ඇඳුමක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, තමන් කඩහපොල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බවට පොලීසියට පවසා තිබෙනවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කරඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

  1. PODI KELLO PIRIMIYEK EKKA YALU WENNE RALLATA, YALUWANTA PENNA. ECHCHARAYI. NAMUTH PIRIMI UN GENU EKKA JEEWITHA KALEMA LABAPU DEWAL ME PODI KELLEK AHU UNAMA PAYEN LABA GANNA HADANAWA. MEKA KALA PARAYA TA 38YI. U 25-30 MARRY KALATH UTA ME WAYASRMA DARUWO INNAWA ATHI. EHEMA NAM ME BALLA UNGE MUNA BALANNE KOHOMA DHA. UN MUTA GARU KARAYI DHA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50