පිරමීඩාකාර මුල්‍ය ආයතනයක් කළමනාකරණය කළ සැකකරුවෙක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය ආයතනයක් කළමනාකරණය කරමින් එම තහනම් පිරමීඩ යෝජනා ක්රමයේ මුදල් ආයෝජනය කළ පුද්ගලයින්ගේ සාපරාධී විශ්වාසය කඩ කිරීමක් සම්බන්ධව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලකට අදාළව එම කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ අනුව, විමර්ශන නිලධාරින් විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත හා බැංකු පනත ප්‍රකාරව පිරමීඩාකාර මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් මුදල් ඉපයීම, ප්‍රවර්ථනය කිරීම, ප්‍රචාරණය කිරීම, කළමනාකරණය හා මුදල් ආයෝජනය කළ පුද්ගලයින්ගේ සාපරාධී විශ්වාසය කඩ කිරීම සම්බන්ධව සැකකරුවෙකු ඊයේ (05) වන දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 48 ක් වන පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
