තහනම් දෙයක් ගුවනින් රැගෙන ආ ගම්පොළ අයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ දහ අටක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් අත්අඩංගුවට ගැනීමට අද (17) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සමත් වී තිබෙනවා.

මොහු ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

මොහු අද අලුයම 02.45 ට සාජා නුවර සිට ගල්ෆ් ගුවන් සේවයේ ජී.- 9587 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ විදේශීය නිෂ්පාදිත ” ප්ලැටිනම්” සහ ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 12,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 60 ක් සගවා ගෙන සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට මෙම ගුවන් මගියා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , ඔහු සමග මෙම දුම්වැටි තොගය එළඹෙන 02/25 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !