තව පොහොර නැවක් දෙසතියකින් මෙරටට

යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් සහිත තවත් නැවක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.එම පොහොර තොගය මහ කන්නයේ වගා කටයුතු ආරම්භයේදීම ගොවීන්ට ලබාදීමට සැලසුම් කර ඇත.

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1,50,000ක් මිලදී ගැනීමට ලෝක බැංකුව ඩොලර් මිලියන 110ක් ලබා දීමට දැනටමත් එකඟතාවය පළ තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබාදුන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් පළමු තොගය වන මෙට්‍රික් ටොන් 44,000ක් රජයට අයත් ලංකා පො‍හොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගමේ ගබඩාවල අසුරා බෙදාහැරීම් කටයුතු අරඹා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?