තවත් සහාසික මනුෂ්‍ය ඝාතනයක්

වැලිපැන්න පොලිස් වසමේ පල්ලිය පාර, ගල් අස්සගොඩ ප්‍රදේශයේ දී අතින් පයින් පහර දීමක් හේතුවෙන් සිදු කළ ඝාතනයක් පිළිබඳ වාර්තා වෙනවා. පහර දීම නිසා බරපතළ ලෙස තුවාල ලැබූ මරණකරු සින්නවත්ත රෝහලට ඇතුළත් කර ඇති නමුත් පසු ව මිය ගිය බවයි වාර්තා වෙන්නේ.

කලක පටන් පැවති ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු වී ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇති බව සඳහන්. මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 53ක ගල් අස්සගොඩ – වැලිපැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙන අතර, මෘත ශරීරය සින්නවත්ත රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ ව වයස අවුරුදු 56ක වැලිපැන්න ප්‍රදේශයේ අයෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.සැකකරු අද (06) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැලිපැන්න පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?