තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් දිවයිනට

චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා. එම එන්නත් තොගය රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ එල් 869 දරන ගුවන් යානය අලුයම 5ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වූ බවයි වාර්තා වන්නේ.

මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාව විසින් මිලදී ගෙන මෙරටට රැගෙන ආ දෙවන එන්නත් තොගය වනවා. එම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථ මගින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?