තවත් සමාගමක් ලබන මාසයේ සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන අලෙවියට එක්වෙයි

ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ඛනිජ තෙල් බෙදාහැරීමේ සමාගමක් වන RM Parks ලබන දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කර තිබෙනවා.

RM Parks සමාගම විසින් ඔවුන්ගේ මූලික ගෙවීම රජය වෙත තැන්පත් කර ඇති බවටයි අමාත්‍යවරයා අනාවරණය කර ඇත්තේ.

එක්සත් ජනපදය පදනම් කරගත් සමාගම මුලින් ඉන්ධන පිරවුම්හල් 150ක් පවරාගෙන ඒවා ක්‍රියාත්මක කරනු ඇති. RM Parks සමාගමට නව පිරවුම්හල් ඉදිකර ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට අවසරය ද පවතිනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ RM Parks ශ්‍රී ලංකා වෙළඳපොළට පිවිසි තුන්වන ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගම බවයි.

පසුගිය ජුනි මාසයේදී, ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා දිගුකාලීන ගිවිසුමක් මත Shell සමඟ සහයෝගයෙන් රජය සහ RM Parks අතර ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා.

එමෙන්ම චීන ඛනිජ තෙල් දැවැන්තයා වන සිනොපෙක් මැයි මාසයේදී ගිවිසුමක් අත්සන් කරමින් ශ්‍රී ලංකා වෙළඳපොළට ඇතුළු වූ අතර එය දැනටමත් ඉන්ධන අලෙවිය ආරම්භ කර තිබෙනවා.

Sinopec සමාගමට ද තනිවම නව පිරවුම්හල් ඉදිකර ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට අවසර පවතිනවා.

ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ද නුදුරේදීම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් පසුවනවා.

රට තුළ ක්ෂය වූ විදේශ සංචිත, ඉන්ධන ආනයනයට බාධාවක් වන බැවින් බලශක්ති අර්බුදය විසඳීම සඳහායි ශ්‍රී ලංකාව සිල්ලර ඉන්ධන වෙළඳපොළ තවත් විදේශීය සමාගම්වලට විවෘත කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40