තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඕස්ට්‍ර්ලියාවට පිටත්කර යැවීමට සැරසෙයි

තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පුහුණුවීම් සඳහා ඕස්ට්‍ර්ලියාවට පිටත්කර යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, වේගපන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ ඉහළ දක්ෂතා ප්‍රධානී ටිම් මැකාස්කිල් සමඟ ඕස්ට්‍රේලියාවේ පුහුණුවීම් සඳහා පිටත්කර යවන බවයි වාර්තා වන්නේ.

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රධාන ක්‍රීඩකයින් පස් දෙනෙකු මේ දිනවල විවිධ අබාධයන්ට ලක්ව සිටිනවා.

ඉදිරි තරගවලදී කිසියම් ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වුවහොත් ඒ සඳහා ආදේශ කිරීමේ අරමුණ ඇතිව මෙම ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාවේ පුහුණුවීම් සඳහා යොමුකරන බව සඳහන්.

ආබාධයන්ට ලක්වීම හේතුවෙන් දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, දනිෂ්ක ගුණතිලකට ලෝක කුසලාන තරගාවලිය සම්පූර්ණයෙන්ම අහිමිව ගියා.

ප්‍රමෝද් මධුෂාන් සහ පැතුම් නිශ්ශංක සුළු ආබාධ සහිතව තවමත් ශ්‍රී ලංකා සංචිතය තුළ රැඳී සිටින අතර, ඔවුන්ගේ තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බවයි ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජයට ගැසට් පත්‍රයක්වත් හරියට මුද්‍රණය කරගන්න බෑ
02:03
Video thumbnail
ජනාධිපතිතුමාටවත් බෑ මේකට අත තියන්න - දිලිප් සැරටම අමතයි
06:59
Video thumbnail
මහවැලියේ එක බිම් අඟලක්වත් අපිට ඕනේ නෑ
05:42
Video thumbnail
ධීවරයින්ගේ සත්‍යග්‍රහයට දිලිප් වෙදආරච්චිත් ඉඳගනී
01:35
Video thumbnail
ජනතාව ඉක්මණින් මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා
03:44
Video thumbnail
වෙඩික්කරුගෙන් නූලෙන් බේරුණු සජබ අපේක්ෂකයා
03:18
Video thumbnail
නාමල්ව CIDයට එන්න කිව්වේ නාඩි බලන්න නෙමෙයි
06:49
Video thumbnail
නිල ඇඳුමත් ඇඳගෙන පාසල් ගිය ගම්මන්පිල, දොළවත්ත ඇතුළු සෙට් එක..අත් දෙකත් බැඳගෙන දාන හිනාව
02:37
Video thumbnail
ගඳ ග#න කාණු වෙනුවට, උද්‍යානයක හැදෙන මල් මෙන් මිනිස්සුන්ට ජීවිතය දෙන්න වෙර දරනවා
03:36
Video thumbnail
සංචාරක හෝටල්වල කැළි කසල නිසා භික්ෂූන් වහන්සේලා කුපිත වෙයි..ගඳේ බෑ - පාරක බැහලා යන්න බෑ
05:41


?