තවත් වෙඩි තැබීමක් (වීඩියෝ)

බොරැල්ල – වනාතමුල්ල ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් සිදු කර ඇත්තේ අද (24) පස්වරුවේයි.

වෙඩි තැබීමෙන් ජීවිත හානි හෝ තුවාල සිදු ව නැති බවත් පොලිසිය පැවසුවා.

වෙඩි තැබීමෙන් පසුව සැකකරුවන් පලා ගොස් ඇති අතර වෙඩි තැබීමට ටී56 ගිනි අවියක් යොදා ගෙන ඇති බවයි හෙළි ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?