තවත් විශේෂ කැබිනට් තීන්දුවක්. මේ සතියේ ආණ්ඩුව කරන්න යන දෙයක් හෙළි වෙයි

”එකදු වල් නාශකයක් හෝ නොමැතිව කෘමි නාශක සහ දිලීර නාශක කිහිපයක් ගෙන්වීමට ආණ්ඩුව හෙට (නොවැ. 1) දින කැබ්නට් රැස්වීමේ දී අනුමැතිය ලබාගන්නට හදන,” බවට සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

වල් නාශක නොමැතිව බඩ ඉරිඟු, වී සහ තේ වගා කළ නොහැකි බව කෘෂි විශේෂඥයින් පවසා ඇති නමුත් ඉදිරියේදී ගෙන්වීමට නියමිත කෘෂි රසායන ලැයිස්තුවෙන් සියලු ම වල් නාශක ඉවත් කරන්නට කෘෂිකර්ම ලේකම්වරයා උපදෙස් දී ඇති බව ද ඇය පැවසුවා ය.

වී වගාවේදී නිසි පරිදි වල් මර්දනය නොකර නැනෝ නයිට්‍රජන් දියර පොහොර යෙදීම හේතුවෙන් ගොයමට වඩා වැඩි වේගයෙන් වල් ශාක වර්ධනය වන බව දැන දැන ම මෙවැනි තීරණ ගැනීම ගොවියාට සිදු කරන ‘බොරු ඇස් බැන්දුමක්’ යැයි ඇය අවධාරණය කළා ය.

“ලංකාවේ ලියාපදිංචි කෘෂි රසායන වර්ග 150ක් පමණ තිබෙනවා. ඒවාගෙන් 80ක් (55%ක්) ම වල් නාශක. හෙට කැබ්නට් රැස්වීමේ දී එකම වල් නාශකයක් හෝ නැතිව කෘමි නාශක, දිලීර නාශක කිහිපයක් ගෙන්වන්න ආණ්ඩුව අනුමැතිය ගන්නට හදනවා.

මේක ගොවියාගේ ඇස් බැඳවා කුඹුරුට හේනට දක්කන්න හදන ප්‍රෝඩාවක්. වල් නාශක නැතිව වී, ඉඩඉරිඟු, තේ වගාව කරන්න බැරි බව කෘෂි විශේෂඥයින් කියනවා.

මහා පරිමාණ වගාකරුවෝ සියලු දෙනා දැන් නන්නත්තාර වෙලා. නැගෙනහිර, රජරට, මහියංගනය ඇතුළු මහවැලි කලාපයේ ගොවියන්ට වල් නාශක, කෘමි නාශක ලැබුණේ නැත්නම් ඔවුන් සදා අනාථ වෙනවා‍.

සඳුදා කැබිනට්ටුවේ දී ඇස් වහලා කෘෂි රසායන කිහිපයකට අනුමැතිය ගන්න හදනවා. නමුත්, ඒ්වායෙන් විතරක් වගාව කරන්න බෑ.

මේ ලැයිස්තුවේ සියලු ම වල් නාශක ඉවත් කරන්නට කාෂිකර්ම ලේකම් අද උපදෙස් දීලා තියෙනවා. මේ මහාචාර්ය ලේකම් දන්නේ නැද්ද වී වගාවේ වල් ටික දවස් 45ක් මර්දනය කළේ නැත්නම් වී කරල බොල් වෙනවා කියලා.

වල් තියෙන කුඹුරකට ‘නැනෝ නයි රාජයා’ ගැහුවම ගොයමට වඩා වේගයෙන් වල් ටික හැදෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේක බොරු ඇස්බැන්දුමක්. ගොවියා මඩට දාලා, හේනට දාලා තවදුරටත් විනාශ කරන්න හදනවා. කන කර උගස් තියලා වගාවට යන ගොවියා මෙහෙම විනාශ කරන උන් මේ වැහි දවස්වල එළියට බහින්න එපා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?