තවත් ලොසින්ජර් දෙන්න බැහැ : රාජ්‍ය සේවය රටට බරක් – මුදල් ඇමති කියයි

රටට උසුලන්න බැරි තරම් රාජ්‍ය සේවය පුළුල් වී ඇති බවත් තවදුරටත් රාජ්‍ය සේවයට ලොසින්ජර ලබාදීම සිදුකල නොහැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

රාජ්‍ය සේවය රටට බරක්වී ඇති බවත් තව රාජ්‍ය සේවයට සහන දෙනවා කියන්නේ ඊට මුදල් ලබා ගන්න වෙන්නේ ජනතාවගෙන් වීම හේතුවෙන් තවත් වසරක් යනකම් රාජ්‍ය සේවය වෙනුවෙන් මහජන මුදල් වැය කිරීමට නොහැකි බවයි මුදල් අමාත්‍යවරයා පැවසුවේ.

රාජ්‍ය සේවකයින් ගේ වැටුප් වැඩි කිරීමක් සිදුනොකළ ද, ඔවුන්ට මුල්‍ය නොවන සහන සැලසීමට රජය කටයුතු කළ බවයි මුදල් ඇමතිවරයා පැවසුවේ.

” නිදහස ලබද්දී රටේ මහජනතාවගෙන් 118 කට සිටියේ එක් රාජ්‍ය සේවකයෙක් විතරයි. නමුත් දැන් රටේ මහජනතාවගෙන් 13 දෙනෙක්ට එක් රාජ්‍ය සේවකයෙක් බැගින් සිටිනවා.

මේ රාජ්‍ය සේවකයින් බොහෝ දෙනා විවාහ වෙන්නේ කාලයක් ගිහිල්ලා. ඔවුන්ගේ දරුවන් සරසවි ප්‍රවේශ වෙනවා වගේම උසස් අධ්‍යාපනයට ඇතුල් වෙන්නේ මේ රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගන්නා කාලයේදී. මේක ඔවුන්ට විශාල ගැටළුවක්. මේ හේතුව නිසයි අපි රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වයස අවුරුදු 10කින් ඉහළ දැම්මේ.

දැන් එය අවුරුදු 55 සිට 65 දක්වා වැඩි වූ විට ඔවුන්ට ඉන් ආර්ථික වාසියක් ලැබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයට පළපුරුද්දක් තිබෙන සේවකයින් අවශ්‍යයි.

ඉදිරියේදී වාර්ෂිකව විශ්‍රාම යන රාජ්‍ය සේවකයින් ගේ අනුපාතයට අනුව නව රැකියා ලබාදීම සිදුකරන්න කටයුතු කරනු ලබනවා” මුදල් අමාත්‍යවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?