පවතින වාතාවරණය යටතේ කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීම නිසා රජයේ ප්‍රධාන රෝහල් රැසක ධාරිතාව ඉක්මවා ගොස් තිබේ.
ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් කිහිපයක කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදෙන වාට්ටුවල මේ වනවිට එම ධාරිතාවයන් ඉක්මවා ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිකල මහතා සඳහන් කළේ,
“කොළඹ ජාතික රෝහලේ දැනට 600ක් පමණ ප්‍රතිකාර ගන්නවා. වාට්ටු පිරී ඉතිරී යන තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් අපිට දර්ශන ලබාදීමට හැකියාවක් නෑ. බිමටත් රෝගීන් දාන්න වෙන තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ.”
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



