AFC Banner
AFC Banner
Empty Ad

තවත් පොලීසියක 10කට කොවිඩ්

ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී තිබේ.

ඊයේ (07) දිනයේ සිදුකළ PCR පරීක්ෂණවලින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව අදාළ නිලධාරීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.

මේ අතර ගම්පහ මහනගර සභාවේ කාර්යමණ්ඩල සාමාජිකයින් 4ක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනීම හේතුවෙන් නගර සභාවේ කටයුතු අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සීමාකර තිබේ.

ගම්පහ මහනගර සභාවේ නගරාධිපති එරංග සේනානායක මහතා සඳහන් කළේ අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් නගර සභා පරිශ්‍රයට ඇතුළුවීමට අවසර ලබාදෙන බවය.

මේ අතර දින 10ක් ඇතුළත කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් 10,000ක් ලබාදීමට කටයුතු කරන බව ආර්ථික පුනර්ජීවනය සහ ධරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය පැවසීය.

එහි සභාපති බැසිල් රාජපක්ෂ මහතා පෙන්වාදෙන්නේ දිස්ත්‍රික්ක 13ක් තුළ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවය.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ ආණ්ඩුකාරවරුන්ගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දායකත්වය මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?