තවත් ගමන් මල්ලක තිබී මළ සිරුරක් හමුවෙයි

සීදුව දඬුගම් ඔය ආසන්නයේ තිබූ ගමන් මල්ලක තිබී පුද්ගල මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එය පිරිමි පුද්ගලයෙකු මළ සිරුරක් බවට මේ වනවිට හඳුනාගෙන තිබේ.

මෙම මරණකරු වයස අවුරුදු 35ත් 40ත් අතර පමණ වයසැති උස අඩි 05යි අඟල් 08ක් වන සාමාන්‍ය සිරුරක් සහිත හිසකෙස් අඟල් 02ක් පමණ දිග පිරිමි පුද්ගලයෙකු වන බව පොලීසිය පවසයි.

එමෙන්ම ඔහු රතු පැහැති කමිසයක් සහ දුඹුරු පැහැති දිග කලිසමක් හැඳ සිටි බව සඳහන්ය.

මරණකරුගේ ගෙලෙහි දකුණු පස තරු සලකුණු 07ක් සහිත පච්චයක් කොටා ඇති බවත් හිස දෙපස හා නිකටෙහි තුවාල සලකුණු දක්නට ඇති බවත් පොලීසිය සිදු කළ පරීක්ෂණවල දී සෙයාගෙන ඇත.

මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සීදූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?