තවත් කොවිඩ් රැල්ලක්? යුද හමුදාපතිගෙන් ජනතාවට දැනුම්දීමක්

රට වසා තැබූ කාලය තුළදී සිදුකරන්නට වූ කැපකිරීම් ගැන රටේ බුද්ධිමත් ජනතාව හොඳින්ම දැනුවත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (05) බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර රණවිරු ස්මාරකය අසලදී සංවිධානය කරතිබූ සැමරුම් උත්සවයකදීය.

රට වෙනුවෙන් දිවිපිදූ විරෝධාර රණවිරුවන් සිහිකිරීම වෙනුවෙන් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා,

“ශ්‍රී ලංකාවේ බුද්ධිමත් ජනතාව තේරුම් ගතයුතු කාරණය තමයි පසුගිය කාලයේ නිවෙස්වලට වී ගතකළ කාලයේ අපිට විශාල කැපකිරීම් කරන්න වුණා. ඒ නිසා මෙසේ රට විවෘත කර තබන අවස්ථාවේදී ඔබ කොවිඩ් ආසාදිතයෙකු නොවී සිටීමට වගබලා ගත යුතුයි. ජනතාව තේරුම් ගත්තොත් අපිට තවත් කොවිඩ් රැල්ලක් ඇති නොවී සිටීමට හැකිවේවි. එසේ නොවුණොත් කොවිඩ් ආසාදිතයින් වැඩිවෙයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් සංගම්වලින් රතු එළියක්..බස් ගාස්තු වැඩි නොකළොත් අපි බස් ධාවනය නවත්තලා දානවා
02:25
Video thumbnail
බුදියගෙන නැගිටිනකොට වැඩේ හරි..සන්තෝෂයි.. මිනිස්සුන්ට නහුතෙටම තදවෙයි
03:41
Video thumbnail
ඉදිරියේදී අලුත් අවුරුදු උත්සව තියන්න බැරිවෙයිද ?..සමහර විට අනවශ්‍ය උත්සව සීමා කරන්න වෙයි
03:09
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46
Video thumbnail
පැය 48ක් එකදිගට දිවීමෙන් තිබ්බ ගි‍නස් ලෝක වාර්තාව..කොහොමද අපේ රටේ ගැම්ම
02:28
Video thumbnail
මින් ඉදිරියට ඔයාලට රෑට ලයිට් එන්නේ ඩීසල්වලින්..විදුලිය සඳහා බරපතළ ගැටලුවක් එනවා ?
02:00
Video thumbnail
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ හේතු ඇමති නලින්ද හෙළිකරයි..පෞද්ගලික අංශය අපෙන් මිල වැඩි වීමක් ඉල්ලුවා
09:12
Video thumbnail
වැඩිවීම මුළුමනින්ම ජනතාව මතට දැම්මනම් මීට වැඩිය තෙල් මිල වැඩි වෙනවා
02:36
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34