තවත් කොරෝනා මරණ 29ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 29ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15544ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (03) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 12ක් සහ පිරිමි පුද්ගලයන් 17ක් වනවා.

වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නැහැ.

අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 04ක් වන අතර එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් 03 දෙනෙකු ඊට අයත්.

අවුරුදු 60ට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 11ක් සහ පිරිමි 14ක් වශයෙන් මරණ 25ක් වාර්තාවී තිබෙනවා.

මේ අතර මෙරටින් මේ දක්වා හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 614659ක්.

ඒ අතරින් 18924ක් රෝහල්ගතව හෝ නිවේසවල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 580220ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?