අවුරුදු 15ක් වයසැති බාලවයස්කාර පාසල් දැරියක් දුෂණය කිරිම සම්බන්ධයෙන් දැරියගේ පෙම්වතා ඊයේ (17) අත්අඩංගුවට ගත්බැව් පිටිගල පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකාර පෙම්වතා වයස අවුරුදු 16ක් වයසැති පාසල් සිසුවෙක්. මොවුන් දෙදෙනා එකම පාසලේ ඉගෙනුම ලබමින් සිට ඇති අතර කලක සිට මොවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් පැවති බව පරික්ෂණවලදි අනාවරණය වි තිබෙනවා.
දෙමව්පියන්ගේ දැඩි විරෝධය නිසා දැනට මාස තුනකට පමණ ඉහතදි මෙකි ප්‍රේම සම්බන්ධයතාවය නතර වී තිබෙනවා. ඔන්ලයින් මගින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමත් සමග මොවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාවය අලුත් වී තිබෙනවා. පාසල් දැරිය විසින් පෙම්වතාව දුරකථන ඇමතුමක් දී තම මාමාගේ නිවසට ගෙන්වා ගෙන ඇති බව පොලිස් පරික්ෂණවල දි අනාවරණය වී තිබෙනවා.
එම නිවස තුලදි දැරිය දුෂණයට ලක්ව ඇති බවට අනාවරණය වුණා. මේ බව දැරියගේ මවට දැන ගැනීමට ලැබි ඇති අතර ඇය විසින් පොලිසිය කරනු ලැබු පැමිණිල්ලකට අනුව සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැරිය අද දින (18) අධිකරණ වෛද්‍ය පරික්ෂණයකට යොමු කිරිමට නියමිතයි.
(ලලිත් චාමින්ද)




