තවත් ඇමතිවරු කිහිප දෙනෙක් දිවුරුම් දෙයි

තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙක් ජනධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර අද (23) දිවුරුම් දී තිබෙනවා.

ඩග්ලස් දේවානන්දා දිවුරුම් දී ඇත්තේ ධීවර අමාත්‍යවරයා ලෙසයි.

බන්දුල ගුණවර්ධන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයා ලෙස අද ජනධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇති අතර ජලසම්පාදන අමාත්‍ය ධුරයේ කෙහෙළිය රඹුක්වැල්ල දිවුරුම් දෙනු ලැබුවා.

එමෙන්ම රමේෂ් පතිරණ කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත් විදුර වික්‍රමනායක බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබෙනවා.

වාරිමාර්ග අමාත්‍ය ධුරයේ අනුරුද්ධ රණසිංහ දිවුරුම් දී ඇති අතර ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරය හිමව ඇත්තේ ද ඔහුටයි.

පරිසර කැබිනට් අමාත්‍ය ධුරය හිමව ඇත්තේ අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් හටයි.

අදාල අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව පහතින්..

WhatsApp Image 2022 05 23 at 11.04.25 AM

පසුගිය අවස්ථා දෙකක දී අමාත්‍යවරුන් 13 දෙනෙකු පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?