වාරියපොල පොලිස් වසමේ දඹෑලියද්ද , බමුණාකොටුව නිවසක පුරුෂයා විසින් බිරිදට පහරදී ඝාතනය කර ඇති බවට වාරියපොල පොලිසිය පවසනවා.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 55 ක් වූ දඹෑලියද්ද , බමුණාකොටුව ප්‍රදේශයේ පදිංචිකාරියෙකි .
පවුල් ආරවුලක් හේතුවෙන් ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් නාරස්සනයකින් කාන්තාවගේ හිසට පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇත .
සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර (21) වන අද දින මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතය .
වාරියපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .










