තවත් අති විශේෂ ගැසට් නිවේදනයක්

අමාත්‍යාංශයක සහ රාජ්‍ය අමාත්‍යාංශ දෙකක විෂය පථයන් ගැසට් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

වනජිවී හා වන සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සහ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයන් මෙලෙස ගැසට් කර ඇති බව සඳහන්.

පසුගියදා සිදුකෙරෙනු නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව එම විෂය පථයන් ගැසට් කර ඇත.

ඒ අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, රක්නා ආරක්ෂණ ලංකා සමාගම, ජාතික ආරක්ෂක අරමුදල, රණවිරු සේවා අධිකාරිය සහ අපි වෙනුවෙන් අපි අරමුදල ඇතුළත් කර ඇත.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජිවි දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දැව සංස්ථාව, වනජිවී හා වන සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට ඇතුළත් කර තිබේ.

එමෙන්ම ආපදා කළමනාකරණ මධස්ථානය, ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇත.

2270 14 S 1
2270 14 S 2
2270 14 S 3
2270 14 S 4
2270 14 S 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..එක මිටට, දර ළිපට, පොල් කටුවට..ඉතිරිලා ගිහින් තියෙන එකෙන් දීපන්කෝ
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08