AFC Banner
Empty Ad
Empty Ad

තලතාගේ පුටුවට කේ. පරණවිතාන නම් කරමින් ගැසට්ටුවක් – ඉඩම් අමාත්‍යාංශයටත් නව ලේකම්වරයෙක් (නිවේදනය)

තලතා අතුකෝරළ මහත්මියගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාන මහතා පත්කිරීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

පරණවිතාන මහතා 2015 රජයේ නියෝජ්‍ය ඇමතිවරයකු ලෙස කටයුතු කර තිබුණා.

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණෙහි ක්‍රියාකාරී සාමාජිකයෙක්.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ ද, සනත් නිශාන්ත වෙනුවට ජගත් ප්‍රියංකර ද, චමින්ද විජේසිරි වෙනුවට නයනා වාසලතිලක ද, පත්කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය තවමත් හිස්ව පවතිනවා.

ඒ අතර ජනාධිපතිවරයා විසින් සෝමරත්න විදානාපතිරණ මහතා අගෝස්තුමස 24 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කරමින් ගැසට් නිවේදනයක් ඊයේ (29) නිකුත් කර තිබුණා.

WhatsApp Image 2024 08 30 at 09.55.52
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?