තලගොල්ලේ දී ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටේ; රඹුක්කන – මාවනැල්ල මාර්ගය තවදුරටත් වැසේ (ඡායාරූප)

මාවනැල්ල පොලිස් වසමේ රඹුක්කන – මාවනැල්ල මාර්ගයේ තලගොල්ල පාලම ආසන්නයේ තිබූ ගසක් මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් කඩා වැටී ඊයේ (23) රාත්‍රී කාලයේ අනතුරක් සිදුව තිබුණා.

එම අවස්ථාවේ දී කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව ගසට යට වී තිබූ ත්‍රීරෝද රථයේ සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, කාන්තාවක් සහ කුඩා දරුවෙකු මුදවා ගෙන මාවනැල්ල රෝහල වෙත ඇතුළත් කිරීමේදී ත්‍රීරෝද රථයේ රියදුරු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගිය පුද්ගලයා වයස අවුරුදු 38ක මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්‍.

රෝහල් ගතකළ අනෙක් තිදෙනාගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

මෙම ගස කඩා වැටීම හේතුවෙන් රඹුක්කන මාවනැල්ල මාර්ගයේ වාහන ගමනාගමනය තලගොල්ල පාලම අසලින් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගස ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතිනවා.

රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගය හරහා ගමන් ගන්නා සියළුම රියදුරන් හා මහජනතාව විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Image 2025 11 24 at 6.34.41 AM
WhatsApp Image 2025 11 24 at 6.34.40 AM 1
WhatsApp Image 2025 11 24 at 6.34.40 AM
WhatsApp Image 2025 11 24 at 6.34.39 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?