තරු­ණ­යන් 11 දෙනා සම්බන්ධ නඩුවට රවීන්ද්‍ර විජේ­ගු­ණ­රත්න සැක­ක­රු­වෙක් වෙයි

2008 – 2009 කාල­යේදී දමිළ තරු­ණ­යන් 11 දෙනෙක් කොළ­ඹදී පැහැ­ර­ගෙන ගොස් අතු­රු­දන් කිරීම, රඳවා තබා කප්පම් ගැනීම යන චෝදනා යටතේ පවරා ඇති නඩුවේ දෙවැනි සැක­කරු ලෙස නම් කර නීති­පති උප­දෙස් මත මුදා හරින ලද හිටපු නාවික හමු­දා­පති, ත්‍රිවිධ හමුදා මාණ්ඩ­ලික ප්‍රධානී රවීන්ද්‍ර විජේ­ගු­ණ­රත්න සැක­ක­රු­වෙක් ලෙස නම් කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් පසන් අමරසේන මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට නියෝග කළා.

අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් කරුණු දක්ව­මින් නීතිඥ අචලා සෙනෙ­වි­රත්න සිදු කළ ඉල්ලී­ම­කට අදාළ නියෝ­ගය ප්‍රකාශ කර­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම නියෝ­ගය සිදු කළා.

ඒ අනුව ලබන ජුලි 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

නඩුව ඉකුත් අප්‍රේල් 30 දින කැඳවනු ලැබු අවස්ථාවේ දී පුර්වගාමී මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් ද සැකකරුවකු ලෙස නම් කිරිමට නියෝග කළා.

එදින තවත් නියෝගයක් නිකුත් කරමින් සඳහන් කලේ සැකකරුට එරෙහාව චෝදනා ගොනු කර පැමිණිල්ල ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව අද (10) චෝදනා පත්‍රය අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

“ඔහුට එරෙ­හිව පැහැ­දිලි සාක්ෂි ඉදි­රි­පත්ව සිටි­යදී වින්දිත පාර්ශ්වය ඉල්ලීම බැහැර කිරී­මට බැහැ. සැක­ක­රුට එරෙ­හිව ප්‍රමා­ණ­වත් සාක්ෂි තිබෙන බව පෙනී යනවා. එසේ සාක්ෂි තිබි­යදී නිද­හස් කරන ලෙස උප­දෙස් ලබා දීම යුක්තිය අප­ග­ම­නය වීමක්” යැයිද මහේ­ස්ත්‍රා­ත්ව­රයා කියා සිටියා.

“ලඝු නොවන විභා­ග­ය­කදී නීති­ප­ති­ව­ර­යාට බල­යක් නැහැ මුදා හරින්න. බලය තිබෙන්නේ නීති­ප­ති­ව­රයාට. නීති­ප­ති­ව­රයා උපදෙස් ලබා දෙන්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් එම කරුණු මහේස්ත්‍රා­ත්ව­රයා වෙත දැනුම් දුන් පසු එය අධ්‍ය­ය­නය කර අභි­ම­තය අනුව සුදුසු නියෝ­ග­යක් සිදු කර­නවා. නීති­ප­ති­ව­ර­යාගේ උප­දෙස් පිළි­පැ­දී­මට මහේ­ස්ත්‍රා­ත්ව­රයා බැඳී නැහැ. යුක්තිය ඉටු කිරී­මේදී නීති­ප­ති­ව­ර­යාට විශාල වග­කී­මක් තිබෙ­නවා. සාක්ෂි තිබි­යදී නීති­පති උප­දෙස් මත පූර්ව­ගාමී විනි­සු­රු­ව­රයා සැක­කරු නිද­හස් කිරීම දෝෂසහ­ග­තයි” බවද පෙර දිනයේ මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ද සිය නියෝ­ගය ප්‍රකා­ශ­යට පත් කර­මින් කියා සිටි­යා.

ඉදි­රි­පත්ව ඇති චෝද­නා­ව­ලට අදා­ළව නව චෝදනා පත්‍රය සකස් කර, අද දින පැමිණිල්ල විසින් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළා.

නඩුව කැඳවූ අව­ස්ථා­වේදී චෝදනා ගොනු­කර ඇප මත මුදා­හැර ඇති ලුති­නන් කමා­න්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටි­ආ­රච්චි සහ ගල­ග­මගේ ලක්සිරි යන දෙදෙනා අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
LPL සීසන් ඊස් බෑක් - ප්‍රේමදාස පිටියේ නවතම දර්ශන මෙන්න
02:55
Video thumbnail
ගල් ඉබ්බෙකුට සමාන රුවක් අනවසර ලෙස කැනීම් කල පුද්ගලයෙකුට වැඩ වරදී
01:21
Video thumbnail
දෙදරු පියෙකුගේ නිසල සිරුරක් හෝමාගම ඇල මාර්ගයක තිබී හමුවෙයි
01:10
Video thumbnail
ගගේයාය ප්‍රදේශයේ නිවසකින් හමුවූ අරුම පුදුම පොල් ගෙඩිය
01:14
Video thumbnail
ලාල් කාන්ත ඇමතිතුමා ප්‍රායෝගිකයි - මන් එතුමාට දොස් කියන්නේ නෑ
02:38
Video thumbnail
කැබ් රථයක් පාලනයෙන් ගිලිහී වාහනත් හ#පගෙන කඩයක් තුළ නැවතුන හැටි
00:39
Video thumbnail
යාල වනෝද්‍යානයට ගිහින් උඩියටිකුරු ගහපු Defender රථය
00:31
Video thumbnail
විභාග කොමසාරිස් ජනරාල්ට, අධ්‍යාපන ලේකම්ට වක්‍ර අල්ලසක් එනවද ?A/L සිසුන්ගෙන් මාස 3ක් අඩු කළේ ඒකද ?
02:33
Video thumbnail
හිටපු කෘෂිකර්ම ඇමති නාමල් කරුණාරත්නට කට උත්තර නැතිවෙන්නම දෙයි
11:46
Video thumbnail
ගොඩක් අහුවෙන්නේ Duplicate දුම්වැටි - සැක නොහිතන අයව ජාවාරම්වලට යොදාගන්නේ
06:30