AFC Banner
AFC Banner
Empty Ad

තරඟාවලි පරාජයෙන් පසු මිකී ආතර්ගෙන් හෙළිදරව්වක්

කලින් සැලසුම් නොකළ ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කිරීමට යාම හේතුවෙන්, ශ්‍රී ලංකා පිල එංගලන්තය සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය, ප්‍රතිවාදී පිලට පිරිනැමූ බව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා.

ඔහු කියා සිටියේ මේ හේතුවෙන් දින 03 ක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පරිශ්‍රමයෙන් එංගලන්ත පිලට එල්ල කළ පීඩනය ප්‍රතිඵලයකින් තොරව අපතේ ගිය බවයි.

පළමු ඉනිමේ ලකුණු 37ක් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා පිලේ දෙවන ඉනිමේ කඩුළු 06ක් ඊයේ දිවා භෝජනය වනවිට බිඳ වැටුණේ ලකුණු පුවරුවේ 66 සටහන්ව තිබියදීයි.

තරඟයේදී කඩුළු 10ක් ලබමින් පන්දුවෙන් දස්කම් දැක්වූ ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 40ක් ලබාගැනීම නිසා එංගලන්ත පිලේ ජයග්‍රාහී ඉලක්කය 164 දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකා පිලට හැකිවුණා. ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත පිල මෙහිදී වාර්තා කළේ අඛණ්ඩ 05 වන ටෙස්ට් ජයග්‍රහණයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?