තරගාවලිය පුරාම කැරොලයින් ඇය එක්ක බොහෝ ම සුදහව කතා කරලා හිටපු කෙනක්

ඉතින් අන්තිම මොහොතේ එහෙම නුසුදුසුකමක් මතුවෙන්න හේතුවක් නැහැ

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තෝරා පත් කර ගැනීමේ අවසන් තරගයේදී අවාසනාවන්ත සිදුවීමක් සිදු වුව ද ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය සඳහා සුදුසුකම් ලබන්නේ, පුෂ්පිකා ද සිල්වා මහත්මිය බව ලෝක විවාහක රූ රැජිණ සඳහා වන ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා පවසයි.

ඔහුගෙන් කල විමසීමකදී ජයසිංහ මහතා සඳහන් කළේ, විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය බවත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය තවමත් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ බවත් ය.

පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඒ සඳහා සුදුසු නැතිනම් ඒ සඳහා නීතිය ඉදිරියේ අදාළ කටයුතු කළ හැකි බව ඔහු එහිදී සඳහන් කළේ ය.

“එහෙම එයා නුසුදුසුයි කියලා ඔප්පු වුණොත් ඊට පස්සේ තමයි අපිට තීරණය කරන්න පුළුවන් වෙන්නේ දෙවැනියාට දෙනවා කියලා. එහෙම නැතුව එයාගේ එක ගලවලා අරයට දැම්ම කියලා එහෙම දෙවනි එක්කෙනා විනර් වෙන්නේ නැහැ.”

ඊයේ මොකද වුණේ?

“මාස තුනක් අපි තරගාවලිය තියලා ඊයේ තමයි අවසන් තරගය තිබුණේ. ඉතින් ඒකේ අවසාන තීරණය දැනුම් දීලා විනර්ස් ලා කියලා පැය භාගයක් විතර ගියා ම ඒකට අකමැති පිරිසක් පිටිපස්සේ ඉඳලා ඇවිල්ලා මයික් එකක් උදුරගෙන ඒගොල්ලෝ වෙන ම දෙයක් කරලා තිබුණා. ඒක අපිට අදාළ නැහැ. අපි ජයග්‍රාහිකාව නම් කරලා ඉවරයි. ඉතින් ඊට පස්සේ පොඩි ප්‍රශ්නයක් එතන ඇති වෙලා තිබුණා.”

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සඳහා ඉදිරිපත්වීමට අවශ්‍ය මූලික සුදුසුකම් මොනවා ද?

“එයාට ළමයි හිටියේ නැතත් එයා මැරීඩ් වුමන් කෙනෙක් වෙන්න ඕනේ. වයස 18ට වැඩි වෙන්න ඕනේ. අනිත් ඒවා තමයි ක්වීන් කෙනෙක්ට තියෙන සුදුසුකම් තියෙන්න ඕනේ.”

අනෙක් පාර්ශ්වය චෝදනා කරනවා පුෂ්පිකා දික්කසාද නඩුවක් ගොනු කරලා තියෙනවා, ඒ අනුව ඇයට තරගය ඉදිරිපත් වෙන්න සුදුසුකමක් නැහැ, විනිශ්චය මණ්ඩලය මේ ගැන දැනගෙන ඉඳලා තියෙනවා කියලා?

“ෆස්ට් ඔඩිෂන් එකේ ඉඳලා ම කැරොලයින් ජූරි තමයි විනිශ්චය මණ්ඩලයේ කටයුතු කළේ. පර්සනැලිටි රවුන්ඩ් එක වෙනකම් එයා තමයි විනිශ්චයකාරියක් විදියට කටයුතු කළේ. අවසන් තරගයේ විනිශ්චය මණ්ඩලයේ විනිශ්චයකරුවන් 5 දෙනෙක් ම එයා තමයි නම් කළේ.

එතකොට එයාට ඕනේ තරම් කාලය තිබුණා, අන්තිම දෙන්නා දක්වා වෙනකනුත් එයාට තිබුණා ගිහින් කියන්න විනිශ්චය මණ්ඩලයට කියන්න මෙයා ඩිවෝස් හරි මොකක් හරි අවශ්‍ය දේ කියලා එතන කතා කරන්න.

හැබැයි එයා ඒ මුකුත් නොකර විනර් විදියට එයාව ක්‍රවුනුත් කරලා පස්සේ තමයි එයා අවිල්ලා කියන්නේ.”

ශිෂ්ට සම්පන්න මිනිස්සු විදියට එම ක්‍රියාව තම අනුමත නොකරන බව චන්දිමාල් ජයසිංහ මහතා එහිදී පැවසීය.

චන්දිමාල් ඉන්නේ මොන පැත්තේ ද?

“මම හිටගන්නේ විනිශ්චය මණ්ඩලයේ තීරණය එක්ක. අපේ මිසිස් ශ්‍රී ලංකා ඕගනයිසේෂන් එක හිට ගන්නේ ඒ පැත්තේ. හෙට අපේ මාධ්‍ය සාකච්ඡාවක් තියනවා. සියලු ම ජජස් ලා එක්ක. අපේ විනර් අපි එතනට ගෙනැල්ලා මේ සිදුවීම හෙට අපි එතනදී නිවැරදි කරනවා.”

ඩිවෝස් කේස් එකක් තියෙන කෙනෙකුට තරගයට සහභාගී වෙන්න බැරි ද?

“පුළුවන්. ඩිවෝස් නම් විතරයි බැරි. පුෂ්පිකා අද අභියෝග කරලා තියෙනවා එයා ඩිවෝස් නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න කියලා. අධිකරණයකින් තීරණයක් දෙනකම් එයා මැරීඩ් වුමන් කෙනෙක් නේ. ඒ නිසා අපිට ඒ දේවල්වලට මුකුත් කියන්න බැහැ.”

කිසි ම අයුරකින් විනිශ්චය මණ්ඩලය පුෂ්පිකා මහත්මියගේ දික්කසාද නඩුවක් ගැන දැනුවත් කරලා හිටියේ නැද්ද?

“නෑ, එහෙම ඩිවෝස් කේස් එකක් තියෙනවා නම් එයා ඒ තරගයේ රූල්ස් දැනගෙන ඇග්‍රිමන්ට් එකකට යටත් වෙලා සයින් කරලා තමයි එයා තරගයට ආවේ. ඒ හැම තැන ම කැරොලයින් හිටියා. තරගාවලිය පුරාම කැරොලයින් ඇය එක්ක බොහෝ ම සුදහව කතා කරලා හිටපු කෙනක්. ඉතින් අන්තිම මොහොතේ එහෙම නුසුදුසුකමක් මතුවෙන්න හේතුවක් නැහැ.”

Source & Courtesy – Mawbima

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
345
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29