තරගයක් අවසානයේ අතට අත දෙන්න කොහෙවත් නීතියක් නැහැ – BCCI නිලධාරියෙක් කියයි

ආසියානු කුසලානයේ A ඛාණ්ඩයට අදාළව පෙරේදා (14) දිනයේ පැවැත්වුණු ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයෙන් පසුව කණ්ඩායම් දෙක අතර අතට අත දීමක් සිදු නොවීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය පිළිබද ඉන්දීය ක්‍රිකට් ආයතනයේ (BCCI ) ඉහළ පෙළේ නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත අදහස් පළ කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ තරගයක් අවසානයේ ප්‍රතිවාදියන් සමඟ අතට අත දීම හුදෙක් ගුණාත්මකභාවයේ ඉරියව්වක් පමණක් බවත් අතට අත දීමට කිසිදු නීතියක් නොමැති බවයි.

තරගය ඉන්දීය කණ්ඩායම කඩුලු 07 කින් ජය ගැනීමෙන් පසු ඉන්දීය ක්‍රීඩකයින් විසින් පාකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අතදීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් සහ ශිවම් ඩුබේ තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව පිටිය මැදදී සුපුරුදු පරිදි අතට අතදීමකින් තොරව ක්‍රීඩාගාර වෙත පිටව ගිය අතර, එම අවස්ථාවේ දී ඉන්දීය ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය ද ඔවුන්ගේ ක්‍රීඩක විවේකාගාරය වෙත ගොස් එහි දොර වසාගැනීමටයි කටයුතු කර තිබුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පකිස්නතාන ක්‍රිකට් මණ්ඩලය (PCB) සිය අප්‍රසාදය පළ කර අතර ආසියානු ක්‍රිකට් කවුන්සිලයට (ACC) නිල පැමිණිල්ලක් ඉදිරිපත් තිබුණා.

කෙසේ වෙතත්, ඉන්දියාව කළ දේ කිසිසේත්ම වරදක් නොවන බවයි BCCI නිලධාරියා පැහැදිලි කළේ.

BCCI නිලධාරියා තවදුරටත් පැවසුවේ, තරගය අවසානයේ ක්‍රීඩකයින්ට අතට අත දීමට නීතියක් නොමැති බවත්, ඉන්දියාව සහ පාකිස්තානය අතර ඉහළ යන දේශපාලන අර්බුද සැලකිල්ලට ගෙන, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතට අත දීම හෝ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ කිසිදු අන්තර් ක්‍රියාකාරිත්වයක් පැවැත්වීම සිදු නොකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
8
+1
8
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?