තඹුත්තේගම රිය අනතුරින් මියගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළට

තඹුත්තේගම ඒරියාගම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර සිටි තවත් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අනතුරින් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද අලුයම මෙම අනතුර සිදුවී තිබුණේ ලොරියක් සහ වෑන් රථයක් ගැටීමෙන්.

අනතුරින් කාන්තාවන් ද ඇතුලු 8 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් රෝහල් ගත කිරීමේදී 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබුණා.

මෙලෙස මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සාමාජිකයන් පිරිසක් බව සඳහන්.

කුරණෑගල සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරියක් මාර්ගය පසෙක නතර කිරීමට යාමේදී එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව ලොරියේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව තිබුණා.

මියගොස් ඇත්තේ අවුරුදු 36, 46, 43 සහ 55 වයස්වල පසුවන පිරිසක්.

අප වාර්තාකරු සඳහන් කළේ වෑන් රථය ගැටුණු ලොරියේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර ඇති බවයි.

මක්කම වන්දනාවේ යාම සඳහා ගුවන් ගමන් බලපත්‍ර සකස් කර ගෙන එමින් සිටි පිරිසක් ගමන් ගත් වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්වුවන් අතර වෑන් රථයේ රියදුරු ද වනවා.

අනතුරින් පසු 11 හැවිරිදි හා 6 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනකු මෙන්ම 8 හැවිරිදි ගැහැණු දරුවකුද තුවාල ලබා තිබෙනවා.

තුවාල ලබා සිටින 11 හැවිරිදි පිරිමි දරුවා හා 08 හැවිරිදි ගැහැණු දරුවා තඹුත්තේගම රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබනවා.

අනතුරින් වැඩිහිටියන් සියලු දෙනා ජීවිතක්ෂයට පත් වූ අතර, දරුවන් තිදෙනකු පමණක් මේ වන විට තඹුත්තේගම මූලික රෝහලේ හා අනුරාධපුර ශීක්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අද (04) තඹුත්ත‌තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී ලොරි රථයේ රියදුරුගේ වරදක් නොමැති බවට හැඟී යන බවට පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

එම කරුණු සැලකිල්ලට ගත් තඹුත්තගේම වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ලොරි රථයේ රියදුරු ඇප මත නිදහස් කිරීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
19
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?