තඹුත්තේගම රිය අනතුරින් මියගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළට

තඹුත්තේගම ඒරියාගම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර සිටි තවත් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අනතුරින් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද අලුයම මෙම අනතුර සිදුවී තිබුණේ ලොරියක් සහ වෑන් රථයක් ගැටීමෙන්.

අනතුරින් කාන්තාවන් ද ඇතුලු 8 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් රෝහල් ගත කිරීමේදී 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබුණා.

මෙලෙස මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සාමාජිකයන් පිරිසක් බව සඳහන්.

කුරණෑගල සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරියක් මාර්ගය පසෙක නතර කිරීමට යාමේදී එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව ලොරියේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව තිබුණා.

මියගොස් ඇත්තේ අවුරුදු 36, 46, 43 සහ 55 වයස්වල පසුවන පිරිසක්.

අප වාර්තාකරු සඳහන් කළේ වෑන් රථය ගැටුණු ලොරියේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර ඇති බවයි.

මක්කම වන්දනාවේ යාම සඳහා ගුවන් ගමන් බලපත්‍ර සකස් කර ගෙන එමින් සිටි පිරිසක් ගමන් ගත් වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්වුවන් අතර වෑන් රථයේ රියදුරු ද වනවා.

අනතුරින් පසු 11 හැවිරිදි හා 6 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනකු මෙන්ම 8 හැවිරිදි ගැහැණු දරුවකුද තුවාල ලබා තිබෙනවා.

තුවාල ලබා සිටින 11 හැවිරිදි පිරිමි දරුවා හා 08 හැවිරිදි ගැහැණු දරුවා තඹුත්තේගම රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබනවා.

අනතුරින් වැඩිහිටියන් සියලු දෙනා ජීවිතක්ෂයට පත් වූ අතර, දරුවන් තිදෙනකු පමණක් මේ වන විට තඹුත්තේගම මූලික රෝහලේ හා අනුරාධපුර ශීක්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අද (04) තඹුත්ත‌තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී ලොරි රථයේ රියදුරුගේ වරදක් නොමැති බවට හැඟී යන බවට පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

එම කරුණු සැලකිල්ලට ගත් තඹුත්තගේම වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ලොරි රථයේ රියදුරු ඇප මත නිදහස් කිරීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
19
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37