තඹුත්තේගම – රාජාංගනය මාර්ගයේ නව පාලමක් ඉදිකිරීමට රු. මිලියන 241කට කැබිනට් අනුමැතිය

තඹුත්තේගම – රාජාංගනය මාර්ගයේ පිහිටි අංගමුව පිටවාන හරහා දැනට පවතින පාලම (ගිනි පෙට්ටි පාලම) අනුරාධපුර – පාදෙණිය මාර්ගය සහ අනුරාධපුර – පුත්තලම මාර්ගය සම්බන්ධ කරන, තඹුත්තේගම – රාජාංගනය මාර්ගයේ පිහිටා ඇති දිය මං පාලමක් වනවා.

දැනට පවතින පාලමේ පථය සාපේක්ෂව පහත් බිම් ප්‍රදේශයක පිහිටා ඇති අතර, වැසි කාලයේ දී ගං වතුරෙහි බලපෑමට ලක් වීම හේතුවෙන් එම මාර්ගය භාවිත කිරීමට බාධා ඇති වන බවට නිරීක්ෂණය වී තිබෙනවා.

එමෙන්ම, එකී දිය මගෙහි ධාරිතාව අනාගත වාරි මාර්ග ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණවත් නොවන බව ද හඳුනා ගනු ලැබ ඇති බව කබිනය් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

එබැවින්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන එප්පාවල, ගිරිබාව, රාජාංගනය සහ නොච්චියාගම ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ ප්‍රතිපාදන භාවිත කරමින් අංගමුව පිටවාන හරහා දැනට පවතින පාලම වෙනුවට වැඩි ධාරිතාවකින් යුත් නව දිය මං ආකාරයේ පාලමක් එම ස්ථානයේම ඉදි කිරීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, රුපියල් මිලියන 241.45ක ඇස්තමේන්තු පිරිවැයක් යටතේ යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා; සහ නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන චාමරගෙන් ආන්දෝලනාත්මක කතාවක් - බන්ධෙ පොලිසිය එක්ක එයාලට තරහක් තියෙනවා
05:16
Video thumbnail
චාමර ඇඟිල්ල දික් කරලා කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා - මචං උඹලටත් වැරදුණා අපිටත් වැරදුණා
04:47
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.07
09:09:42
Video thumbnail
මීගමුව ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
01:22
Video thumbnail
වීඩියෝවක් පෙන්නලා විපක්ෂයේ කෙරුවාව නිරුක්ෂ එළියට දායි - අධිකරණ ඇමති කරන්නේ නාමල් රාජපක්ෂද ?
13:20
Video thumbnail
බන්ධනාගාරයවත් ආරක්ෂා කරන්න බැරි තත්ත්වයට රට පත්වෙලා
01:46
Video thumbnail
ආරක්ෂක නිලධාරීන්ට ඩබල් සැලියුට්
02:40
Video thumbnail
මත්ද්‍රව්‍ය පාවිච්චි කරන රියදුරන් සොයා විශේෂ මෙහෙයුමක්
01:35
Video thumbnail
මෙච්චර දරුණු වෙන්න කවුද නායකත්වය දුන්නේ ?ගැ#ම නිලධාරින් මැදිහත්වෙලා නිරාකරණය කළා
03:52
Video thumbnail
මහ රෑටත් ගෙවල් ගාණේ යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්
02:38